අල්ලස් ‍හෝ දූෂණ විමර්ශන කොමිසමේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.

ලාංකිකයින් විදේශ රටවලට ගොස් මුදල් උපයමින් රටට කරන මෙහෙවර අගය කර මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නව රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් අරාබි පුවත් සේවා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හෝ ජාතිවාදිය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට සාක්ෂි පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) ප්‍රකාශ කළේය.

අගමැති ආරක්ෂක අංශයේ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජයන්ත වික‍්‍රමසිංහ පත් කර අැත.

විශ්වවිද්‍යාල පාලක සභාවල කටයුතු කරන සුදුසුකම් නොමැති සියලු පුද්ගලයින්ට ඉල්ලා අස්වන ලෙස උපදෙස් දී ඇත.

‘තෙල් මිල අඩු කළා’ කියලා අද ජනතාව විශාල රැවටීමකට ලක්කර තිබෙනවා. මේ ආණ්ඩුව කීවේ තෙල්වලට එකතු කර ඇති සියලූ බදු ඉවත් කරනවා කියලයි. පෙට්රල්, ඞීසල් හා භූමිතෙල් සියලූ බදුවලින් නිදහස් කොට ලබා දෙනවා කියලයි මේ අය කීවේ, යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හි මොහොමඞ් මුසම්මිල් මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ කියා සිටියේය.

බි‍්‍රතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (11)නිල සංචාරයක් සදහා අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය. ඔහු අද පස්වරුවේ වොෂිංටනයේ පිහිටි ජාත්‍යන්තර සාම මධ්‍යස්ථානයේදී විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතව තිබේ.

බාලේන්ද්‍රන් ජෙයකුමාරි ඊයේ (10) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ අතර ලබන 24(පෙබරවාරි) දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේය.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us