බොදු බල සේනා සංවිධානය  විසින් අතුරලියේ රතන හිමි වැඩ වසන බො‍රැල්ල, සදහම් සෙවන විහාරස්ථානය වටලෑමට සූදානම් වන බව එම සංවිධාන ආරංචි මාර්ග පවසයි. 

තිස්ස අත්තනායක මහතා මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ අත්සන් කළා යැයි කියා ව්‍යාජ අත්සන සහිත කූඨ ලේඛනයක් ඉදිරිපත් කොට ඇති බවත් .
එය ජනාධිපති මැතිවරණ පනතේ 83 වන වගන්තිය යටතේ හා දණ්ඩ නීති සංග‍්‍රහයෙන් 452 වගන්තිය යටතේ බරපතල දඩුවම් ලැබිය හැකි වරදක් බවත්
නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප පළාත් සභා මන්ත්‍රී මයන්ත දිසානායක මහතා අතර ගැටුමක් නිර්මාණය වන ආකාරයෙන් නිර්මාණය කොට තිබූ මඩ පෝස්ටර් තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ.

රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ.

දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (25 වැනිදා) වනවිට සිදු වූ ජල ගැලීම්, නායයැම් හා පස්‌කඳු කඩාවැටීමෙන් පවුල් එක්‌ලක්‌ෂ අසූදහස්‌ හයසිය හැත්තෑවකට (180670) අයත් පුද්ගලයින් හයලක්‌ෂ පනස්‌ දහස්‌ හයසිය තිස්‌පස්‌ දෙනකු (650635) අවතැන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාගේ මාතර  නිවස අසල සවිකර තිබූ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුචාරක පුවරු විනාශ කර දමා තිබේ.
රටට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දස ලක්ෂයකට අධික ජනතාවක් විපතට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ජනපතිවරණය කල් දමන ලෙසත් වටරැක විජිත හිමියෝ පවසති.
මෙරට නීති විරෝධීව රැඳී සිටීම නිසා වීසා දඩමුදල ගෙවනු ලැබුවත් පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඔස්‌ට්‍රේ‍රලියානු පුරවැසියකු නිසා ඔහුට මෙරටට ඒමට ඉඩ නොදෙන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසූ බව දිවයින පුවත්පත වාර්තා කරයි.

ld add copy

Connet With Us