බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ නාය යාමෙන් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබද සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (27) පස්වරුවේ එම ප්‍රදේශවල සංචාරක නිරත විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට අයත් මදිරිගිරිය යාය 07 රාජා අබේ ගුණවර්ධන මහතාගේ නිවසේ පවත්වාගෙන යනු ලබන පක්ෂ කාර්යාලයට පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් එම කාර්යාලය කඩා බිඳ දමා අහසට වෙඩි තබා පලා ගොස් තිබේ.

එක්සත් ප්‍රවෘතිපත්‍ර සමාගම (ලේක්හවුස්) මඟින් එම අයතනයේ මුද්‍රණය කරන සෙත්මිණ නම් ජෝතිෂ්‍යය පුවත් පතක් විශේෂ කලාපයක් ලෙස මහින්ද රාජපක්ෂගේ මැතිවරන ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් මුද්‍රණය සඳහා මේ වන විට සුදානම් කොට ඇති බව වාර්තාවේ.

මහින්ද රාජපක්‍ෂ ගේ මැතිවරණ කාර්යාලවල ඇති පුවරුවල 'හොරා' යැයි සටහන් කර ඇති බව අද දින අප කොළඹ දිස්තික්කයේ මැතිවරණ කටයුතු පිලිබඳ නිරීක්‍ෂණය කරමින් ගමන්කරන අවස්ථාවේ අපගේ කැමරා කාචයට හසුවිය.

ගංවතුර නිසා විපතට පත්ව පොළොන්නරුව, ලංකාපුර, විජිත මහ විද්‍යාලයේ හා අටළුගම විද්‍යාලයේ පිහි‍ටුවා ඇති කඳවුරුවල සිටින අසරණ වූ ජනතාවට වියලි සලාක බෙදා දීමට ගිය පිරිස් වලට ඊට ඉඩ ලබා නොදීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

එළඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට අදාලව ජාත්‍යන්තර නිරීක්ෂකයින් මේ දිනවල දිවයිනට පැමිණෙමින් පවතී. ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් පහළොවකට ආසන්න පිරිසක් මේ වන විට දිවයිනට පැමිණ සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රටේත් ජනතාවගේත් අනාගත පරපුරේත් අනාගතය භාරදිය යුත්තේ විශ්වාසනීය නායකත්වයකට බව ජනාධිපතිධූර අපේෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

 
සෑම දිනකම හිස්පුටු තබාගෙන බලා සිටියද පටු වාසි උදෙසා පාවා දෙන්නන් තවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ඔහු පෙන්වා පෙන්වා දෙයි. 

ld add copy

Connet With Us