ශ්‍රී ලාංකිකයන් 35322 ක් ජීවිතක්‍ෂයට පත් කළ බිහිසුණු සුනාමි විපත සිදුවී අදට (26 ) දස වසරක් ගතවේ. 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ මෙරටට කඩාවැදුණු මීටර් 30 ක් උසින් යුත් දැවැන්ත රළ මාලාවන් නිසා මුළු රට පුරාම දුක හා ශෝකය පැතිර තිබිණි.
ජනාධිපතිවරණයට රුපවාහිනි දන්සැලක් ! 5,000ක් අද ගොඩබායි
එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ඡන්දදායකයන් වෙත බෙදාදීම සඳහා අද දින රූපවාහිනී යන්ත්‍ර 5,000ක තොගයක් කොල්ලුපිටියේ ප්‍රසිද්ධ මන්දිරයක් වෙත ගෙනවිත් තිබේ. මෙම රූපවාහිනි යන්ත්‍ර තොගය කොළඹ වරායේ සිට ලොරි රථ විශාල ප්‍රමාණයකින් ප්‍රවාහනය කර කෙළින්ම මෙම මන්දිරයට ගොඩ බා තිබේ.
සුනාමි ව්‍යවසනය නිසා අසරණභාවයට පත්වූ ජනතාවගේ කුස පුරවන්නට ඔවුන්ගේ හිසට සෙවනක් සකසන්නට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මුදල් සොරකම් කළ පවුලක, පාලනය යටතේ මේ රට දැන් වසර 9ක් තිස්සේ පාලනය වන බවත් මේ කාලය තුල සංවර්ධනයේ නාමයෙන් සොරකම් කළ මුදල සුනාමිය නිසා මෙරටට ලැබුණු සමස්ත ආධාර ප්‍රමාණයත් ඉක්මවා යන තරම් බවත් අඑජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
රට තුළ සිදුවන සංවර්ධනයට නිසා සමහරුන් ඊර්ෂ්‍යා කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෛත්‍රී, තිස්ස ගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දි ඉල්ලයි
ව්‍යාජ අත්සනක් සහිත ගිවිසුම් පිටපතක් සැකසීම සම්බන්ධයෙන් පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා තිස්ස අත්තනායක මහතාගෙන් රුපියල් මිලියන 2,500 ක වන්දියක් ඉල්ලයි. ඒ සම්බන්ධ එන්තරවාසිය මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නීතීඥ සඳුන් එස්.කේ. ගමගේ මහතා විසින් තිස්ස අත්තනායක මහතා වෙත යවනු ලැබ තිබේ.
මේක සිංහයාද වෘකයාද, බැටළුවෝ තීරණය කරණ මැතිවරණයක්
මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා වැටී ඇත්තේ සිංහයා සහ වෘකයාට රජකම දුන් බැටළුවන්ගේ තත්ත්වයට යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව සහෝදරයා පවසයි.ඔහු මෙසේ පැවසුවේ දෙසැම්බර් 24 වන දා පන්නිපිටියේ දී පැවති ජන හමුවක දී ය.එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.