ඩිලාන් තමයි පිං ඇමති - හරීන්(audio)

Published in පුවත්
Wednesday, 06 May 2015 13:19

වත්මන් අගමැතිවරයා පිනා අගමැතිවරයෙක් බවට ප්‍රකාශ කරමින් අමාත්‍ය ඩිලාන් පෙරේරා ඔහුගේ පිංගුත්තරකම හෙළිදරව් කරගත් බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි. ඔහු මෙසේ පැවසුවේ අද(06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරදවා වත්මන් ආණ්ඩුව ඡන්ද ලක්ෂ 62 කට වඩා ලබාගෙන ඓතිහාසික ජයග්‍රහණයක් හිමි කර ගත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනපති කරමු රනිල් අගමැති කරමු යන්න ප්‍රකාශ කරමින් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

මහින්ද රාජපක්ෂ පරදවා ජනතා ඡන්දයෙන් තේරීපත්වූ වත්මන් ආණ්ඩුව කිසි සේත් පිං ආණ්ඩුවක් නොවන බව ඔහු අවධාරණය කළේය.කිසිම අවස්ථාවක එජාපය බලෙන් අයිති නැති දෙයක් ලබා ගැනීමට කටයුතු නොකළ බවත් රනිල් වික්‍රමසිංහ අගමැතිවනවාට අකමැති නම් ජනතාව ජනවාරි 08 දා නව රජය බලයට පත්නොකරන බවත් පැවසුවේය.

ඩිලාන් පෙරේරාගේ මෙම පිනා කතාව සමග ඔහු තම තත්වය හෙළිදරව් කරගත් බවත් වත්මන් ආණ්ඩුවේ සිටින පිනා අමාත්‍යවරයා ඔහු බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේය.

මහින්ද රාජපක්ෂට වැඩ කරමින් වත්මන් ආණ්ඩුවේ ඇමතිධූරයක් දරන ඩිලාන් පිනා ඇමතිකෙනෙක් බවත් ඒ පිංගුත්තරකම ගැන මෙසේ හෙළිදරව් කිරීමට අවස්ථාවක් ලබාදීම පිළිබදව සතුටු වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවට පහතින් සවන් දෙන්න

{soundcloud}https://soundcloud.com/lankadaily/harin-franando{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us