පී.එස්.ඩියේ ලොක්කා මහින්දගේ ඔත්තුකාරයෙක්

Published in පුවත්
Saturday, 02 May 2015 10:20
ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කුටියක පැවැති රහසිගත සාකච්ඡාවකට සවන් දීමට උත්සාහ කළ ජනාධිපති ආරක්‍ෂක අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති (එස්‌. ඩී. අයි. ජී.) එස්‌. එම්. වික්‍රමසිංහ මහතාට බැණ එම ස්‌ථානයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇත.
 
මෙම සිද්ධිය වී ඇත්තේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා ඡන්ද විමසීම සිදුකළ පසුගිය 26 වැනිදා ය. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පක්‍ෂ කීපයක ප්‍රබල දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් රහසිගත රැස්‌වීමක්‌ පාර්ලිමේන්තුවේ විශේෂ  කුටියකදී පැවැත්විණි.
 
ඒ අවස්‌ථාවේ විශේෂ කුටිය වෙත ජනාධිපති ආරක්‍ෂක අංශයේ ප්‍රධානියා ඇතුළු වී සාකච්ඡාවට සවන් දෙමින් සිට ඇත.
 
පසුගියදා අගුණකොළපැලැස්සේ පැවැති ‍රැස්වීමකට නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයකු පිස්තෝලයක් සහිතව පැමිණීම සම්බන්දයෙන්ද පරීක්ෂණයක් පැවැත්වෙන අතර එහිදී මෙම ආරක්ෂකයාව එම උත්සව භූමියට ඇතුල් කර ගැනීමත් පිස්තෝලයය සමඟ පොලිස් විශේෂ කාර්ය බහකායේ අත් අඩංගුවට පත් වීමෙන් පසුව ඔහුව නිදහස් කර යැවීම සම්බන්ධයෙනුත් මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටී.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us