SleepingGirlමිනිසෙකු නින්දේ සිටියදී පවා ඔහුගේ හෝ ඇයගේ මොළය ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවත්, නින්දේදී පවා වචන පිළිවෙලට වර්ග කරගැනීමේ හැකියාවක් මොළයට පවතින බවත් විද්‍යාත්මක පර්යේෂණයකින් හෙළි වී තිබේ.

DhargaInsidentපසුගිය ජුනි මාස 15වනදා අලුත්ගම, දර්ගා නගරයේ පැතිර ගිය කල කෝලාහල වලදී සිදු කෙරුණ වෙඩි තැබීම් වලට වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා මෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර ඇත.
UNPමේ දිනවල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුළ හදිසි රාජ්‍යය උත්සව පැවැත්වී සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විසින්  මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර  ඇතැයි  වාර්තා වේ.  

Orcidඇන්තූරියම් සහ ඕකිඩ් පැළ 400 ක් පමණ රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තායිලන්තයේ - බැංකොක් නුවර සිට අදාළ පැළ තොගය රැගෙන විත් ඇත.

Bonsබලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයෙන් පසුගිය කාලයේ සොයාගත් මානව අස්ථි කොටස් අදින් වසර 16,000ට පෙර විසූ මානවයකුගේ බව විද්‍යාත්මක කාලනිර්ණයට අනුව තහවුරු වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි. 
SIYB1මූලික වශයෙන් තාක්ෂණය, ප්‍රාග්ධනය හා අළෙවිකරණය යන කරුණු තුන එකට එකතුකර, කළමණාකරණය කොට ව්‍යවසායදායකත්වයක් ලබාදීම තුළින් කළ කවර ප්‍රමාණයේ ව්‍යාපාරයක් කළ හැකි වුවත් තාක්ෂණය, ප්‍රාග්ධනය, අළෙවිකරණය තුළින් පමණක් සාර්ථක ව්‍යාපාරයක් කළ නොහැකි බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.
Tsunamiශ්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ. 
 
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ අමෙරිකාවේ මියාමි සරසවියේ කෙලී ජැක්සන් ඇතුළු පිරිසක් විසිනි. 

CryBoy”නංගියි, මමයි , සෙල්ලම් කළේ එකට. කෑම කෑවෙත් නංගියි, මමයි. අපි දෙන්නා නිදා ගත්තෙත් එක ඇදක. කවුරු හරි මාමෙක් නංගිව හොරකම් කරගෙන ගිහින් . අනේ නංගී නැතුව මට හරි පාළුයි. මගේ නංගිව කවුරු හරි මාමා කෙනෙක් තියාගෙන ඉන්නවා නම් , පින් සිද්ධ වෙයි නංගිව ආපහු ගෙනත් දෙන්න.”

 

ld add copy

ක්‍රීඩා

Connet With Us