ඇවන්ට්ගාඩ් සිද්ධිට ගෝඨා, නිශ්ශංක සමඟ 5 ක් අත්අඩංගුවට ?

Published in පුවත්
Wednesday, 29 April 2015 06:24

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව සිදු කළ පරීක්ෂණ මඟින් චෝදනා ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නීතිපති දෙපාර්තමේන්තුවට ඇවන්ට්ගාඩ් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවෙහි මෙයට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු නම් කැර තිබුණද ඔවුන් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.

ඊයේ (28) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකදී ඇමැතිවරයා පවසා සිටියේ තමන් මේ වාර්තාව කඩිනමින් අධ්‍යයනය කැර සිද්ධියට අදාළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව අනුව ඇවන්ට්ගාඩ් අවි ගනුදෙනුව සම්බන්ධයෙන් එහි අධිපති නිශ්ශංක සේනාධිපති, අධ්‍යක්ෂ මංජුල කුමාර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩී.එම්.එස්. ‍ජයරත්න, රක්නාලංකා සමාගමේ අධ්‍යක්ෂවරයකු වන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු චෝදනා ලැබ ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ හා ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධ පනත යටතේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම මෙතරම් ප්‍රමාද වීම පිළිබඳ කරුණු සොයා බලන බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මේ සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගන්නා බවත් අධිකරණ නියෝජ්‍ය ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා කීය.

dinamina

Last modified on Wednesday, 29 April 2015 06:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us