19 අද විවාදයට, සෝභිත හිමි සත්‍යක්‍රියාවක

Published in පුවත්
Monday, 27 April 2015 06:44

දහ නව වැනි සංශෝධනය පිළිබඳ විවාදය අද (27) සහ හෙට (28) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

මේ පිළිබඳ විවාදය පසුගිය 21 හා 22 දිනවල පැවැත්වීමට නියමිතව තිබුනද පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භයේ ඇතුළත විරෝධතාවක් නිසා නියමිත පරිදි විවාදය ආරම්භ කිරීමට නොහැකි විය. එබැවින් එම විවාදය 27 හා 28 දිනයන්ට කථානායකවරයා විසින් කල්දමා තිබුණි.

මෙවරද සංශෝධය සම්මත වීම වැලැක්වීම සඳහා මහින්ද වාදී මන්ත්‍රීවරු යම් ක්‍රියාමාර්ගවලට එළඹීමට උත්සහ කරනු ඇතැයි දේශපාලන තොරතුරු කරුවෝ අනාවැකි පළ කරති. මේ අතර දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවන තුරු අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක නිරතවීමට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිමිවරු තීරණය කරති.

මේ සත්‍යක්‍රියාව කොළඹ පිහිටි නිදහස් චතුරස්‍රයේ දී අද  ආරම්භ කිරීමට නියමිත බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ පනත් කෙටුම්පතින් ලැබෙන ජනතා සුබසිද්ධිය සළකා එය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමින් මෙය පවත්වන බවද එම ව්‍යාපාරය කියයි.

Last modified on Monday, 27 April 2015 06:49

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් හරියට හදමු

තේ කෝප්පයක් ඒ කියන්නෙ මග් එකක් නෙවෙයි මිලි ලීටර් 200ක සාමාන්‍ය තේ කෝප්පයක් හදාගන්න මෙන්න මේ දේවල් ඕන...

Connet With Us