තඹ කන්ටේනර් නිදහස්‌ කරන්න නි. ඇමැති කළ බලපෑම් රේගුව බල්ලට දමයි

Published in පුවත්
Monday, 27 April 2015 07:12

රුපියල් මිලියන සියයක රේගූ බදු වංචාවක්‌ හේතුවෙන් රේගුව විසින් රඳවාගෙන සිටින පුද්ගලික සමාගමකට අයත් තඹ කන්ටේනර් දෙකක්‌ නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය ඇමැති සුජිව සේනාසිංහ විසින් ශ්‍රීලංකා රේගුව වෙත බලපෑම් කර මාධ්‍ය වාර්තා පලවී ඇත. එහෙත් රේගුව එම බලපෑම් නොසලකා හැර අදාල පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවද වර්තාවේ.

තීරු බදු රහිතව මිලිමීටර් අටේ තඹ කොයිල් ඩුබායි සිට මෙරටට ගෙන්වා ඒවා නැවත මිලිමීටර් තුනේ කම්බි බවට සකස්‌ කර ඉන්දියාවට යෑවීම සඳහා සන් ඉන්ටර්නැෂනල් සමාගම සහ ඒෂියා මෙටල් පුද්ගලික සමාගම යන සමාගම් දෙක විසින් තාවකාලික රේගු විශේෂ බලපත්‍ර ලබාගෙන තිබුණි. මෙම සමාගම් දෙකම දෙමළ ජාතිකයන්ට අයත් සමාගම් වන අතර ඒ දෙකේම හිමිකරුවන් වන්නේද එකම පිරිස්‌ය.

මේ සමාගම් දෙක විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වන තඹ කම්බි මෙරට සමාගමකට විකුණන බවට ලැබුණු පැමිණිලි මත රේගුව පරීක්‌ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළිවී ඇත්තේ මෙරට එක්‌තරා විදුලි වයර් නිෂ්පාදන සමාගමකට අදාළ තඹ කම්බි කන්ටේනර් 18 ක්‌ විකුණා ඇති බවය. එයින් රටට අහිමිවූ බදු ආදායම රුපියල් මිලියන සියයකට අධික බව ගණන් බලා තිබේ. එහිදී වහාම ක්‍රියාත්මකවූ රේගු නිලධාරීන් අදාළ සමාගමට විකිණීමට උත්සහ කළ තවත් කන්ටේනර් දෙකක්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම කන්ටේනර් දෙක සම්බන්ධයෙන් නඩු විභාගයට අදාළ නියෝජ්‍ය ඇමැතිවරයා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවස්‌ථාවේ පෙනී සිටි අතර ඔහු නියෝජ්‍ය ඇමැති ධුරය හිමිකර ගත් පසු එය නීති විරෝධී බැවින් ඔහු නඩුවෙන් ඉවත්විය.

ඉන් පසු ඔහු ශ්‍රී ලංකා රේගුවේ අදාළ පරීක්‌ෂණ කටයුතු සිදුකරන රේගු නිවාරණ ඒකකයේ කාර්යාලය වෙත පැමිණ එහි නිලධාරීන් වෙත පසුගිය සතියේ පැමිණ විවිධ බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ. ඔහු විවිධාකාර වලින් බලපෑම් කළ ද රේගු නිලධාරීන් අදාළ කන්ටේනර් දෙක නිදහස්‌ කිරීම හෝ පරීක්‌ෂණ කටයුතු නැවත්වීම ප්‍රතික්‌ෂේප කර තිබේ.

- දිවයින ඇසුරෙණි

Last modified on Monday, 27 April 2015 07:29

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us