subash

subash

මේ වන විට සිර මරා බලුපූට්‍ටුවට නීත්‍යානුකූලභාවය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති වීම තහවුරු වීමත් සමඟ සිරිසේන ජනාධිපතිවරයා මහින්දව අගමැති කිරීමේ ආශාව අත් හැර ඇත.

දවසින් දවස තමන්ගෙ පිලට මන්ත්‍රීවරු එක් කර ගැනිමට හැකි වීම ගැන රාජපක්ෂ බත් බැලයන් වෙච්ච පොල්ලෙලි වහලුන් සතුටෙන් ඉපිල යති. ඔන්න අපිට තවත් එකක්. අද තව දෙන්නෙක් එනවා තුනක් එනවා දහයක් එනවා විස්සක් එනවා..බහුතරය අපිටයි කියමින් සිව්වනක් ප්‍රීතියට මේ අය පත් ව තිබේ.

මේ වන විට ‍රැඳවුම් බාරයේ සිටින එල් ටී ටී ඊ සංවිධානයට සම්බන්ධ පුද්ගලන් 166 ෙදනා නිදහස් කිරීමට සිර + මරා බලු පූට්‍ටුව තීරණය කර තිබේ. දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනිමත් උතුරේ දෙමල ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනිමත් වෙනුවෙන් මේ පියවර ගෙන තිබේ. 

මන්ත්‍රීවරු විසිදෙනෙකු පමණ මිළදී ගැනීම සඳහා රාජපක්ෂලා මේ වන විට රුපියල් බිලියන 10 කට (රු. කෝටි 1000 කට ) ආසන්න මුදලක් වැය කිරීමට කටයුතු යොදා තිබේ. මෙය බරපතල දේශපාලන සූදුවකි. සදාචාරාත්මක නැත. දේශපාලනිකද නැත. නීත්‍යානුකූලද නැත.

මහින්දගේ දේශපාලනය දැන් රට අරක්ගෙන තිබේ. ලයිට් කණුවක් කණුවක් ගානේ මහින්දගේ කටවුට් ප්‍රදර්ශනය කරමින් පවසා සිටින්නෙ පෙර පැවැති මජර පාලනය නැවත පිහිට වූ බවය.

පසුගිය රාජපක්ෂ සමයේදී රාජ්‍ය මුදල් නාස්ති කරමින් පැවැත් වූ සංදර්ශන බොහොමයක කොන්ත්‍රාත් බාරගෙන සිටි භාතිය සන්තුෂ් දෙපළ යලිත් ඒ පරණ සෙල්ලමට අත දැමීමට උත්සහ ගනිමින් තිබෙන බව වාර්තා වේ.

සිරිසේන ජනාධිපතිවරයාගේ තක්කඩි දේශපාලන තීන්දු හමුවේ ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියෙන් ජපානයේ ජයිකා ආයතනය ඉවත් වීමේ හේතු අනාවරණය වී තිබෙනවා.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදි මෙරට විවිධ සංවර්ධන ව්‍යාපෘති හරහා හොරකම් කරනු ලැබ විදේශ ගිණුම් වල තැන්පත් කළ ඩෝලර් බිලියන ගනනක මුදල් වලින් කොටසක් යළි මෙරටට ‍රැගෙන ඒම සඳහා සැලසුමක් දියත්කර තිබේ.

සිරිසේන ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂව අගමැති ලෙස නම් කිරීම නිත්‍යානුකූල බව පවසමින් පසුගිය දින කිහිපයේම රාජපක්ෂවාදින් කොළඹ තානාපති කාර්යාල වල බඩ ගෑවද. ඒ කිසිදු තනාපතිවරයකු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පිළිගැනිම ප්‍රතික්ෂේප කර තිබේ. ගොඨාබය, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ දිනේශ් ගුණවර්ධන නාමල් රාජපක්ෂ අනුර යාපා, මෙලෙස තානාපති කාර්යාලවලට ගිය පිරිස වේ. 

සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණ්ය ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් බරපතල අනතුරක් නිර්මාණය කර තිබෙන බවත් ජපානය පවසයි. මේ ුනුව ජපානය මෙරට තුල ආයොජනය කිරීම මේ කුමන්ත්‍රණකාරී පාලනයට සහය දීමක් වන නිසාත් ඊට කිසිසෙත්ම ජපානය එකග නොවෙන නිසාත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තාවකාලිකව අකුලා ගැනීමට ජපානයේ ජයිකා ආයතනය කටයුතු කර තිබේ.

Connet With Us