subash

subash

මහින්ද රාජපක්ෂගේ නැවත බලයට පැමිණීම ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජන ජීවිතයට නැවතත් මරු පහරක් බව අල් ජසීරා පුවත් අඩවිය පවසනවා. දෙමළ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව එක් විය යුතු බව එහි මාධ්‍යවේදී මාරියෝ අරුල්දාස් සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විධායක බලතල යොදා ගනිමින් පාර්ලිමේන්තුව කල් තැබූවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඉල්ලීම සලකා බලා නුදුරු දිනකදී පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද උදෑසන මහ නායක හිමිවරුන්ට දන්වා ඇත.

මෛත්‍රීපාල + මහින්ද කුමන්ත්‍රණකාරී බලු හවුලට එරෙහි ශ්‍රීලනිප මන්ත්‍රීන් ගනනාවක් පාර්ලිමේන්තුව තුල ස්වාධීන මන්ත්‍රීන් වශයෙන් කටයුතු කිරීමට එකඟ කරවා ගැනිමට හිටපු ජනධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමත්ව ඇති බව සමීප ආරංචි මාර්ග පවසයි

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමෙන්තුවේ අත්‍යාවශ්‍ය බහුතරය වන 113 අභිබවා මන්ත්‍රීවරු 128 දෙනෙකුගේ කැමැත්ත ඔහු වෙත ලබා ගෙන තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස මාරු කර යවා තිබේ.

අයි ටී එන් සභාපතිනිය ලෙස කටයුතු කළ ජනමාධ්‍ය අමාතංශයේ අතිෙර්ක ෙල්කම් තිලකා ජයසුන්දර මහත්මියව මේ වන විට එම තනතුරෙන් ඉවත් කර තිබේ. ඇය රාජකාරී පැහැර හැරි බවට චෝදනා එල්ල කර ඇත. පසුගිය 26 වන දින රාත්‍රියේ පටන් අයි ටී එන් ආයතනයේ පාලන බලය බලහත්කාරයෙන් පැහැර ගත් රාජපක්ෂ කල්ලියේ මැරයන් විසින් සබාපතිනියට හා තවත් ඉහළ නිලධාරීන්ට ආයතනය තුලට ඇතුල් වීම වලකා තිබිණි.

ඒකාධිපතියකු ලෙස තකතීරු තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීති විරෝධීව කරන කිසිදු පත් වීමක් යටතේ හෝ රාජකාරි කටයුතු කරන සියලුම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව නිතියෙන් කටයුතු කරන බව එජාපය පවසයි.

රටේ පිළිගත් නීතියට එරෙහිව යමින් තව දුරටත් කටයුතු කළහොත් ශ්‍රිලංකාවට එරෙහිව තහංචි පැනවීමට යුරෝපාසංගය. ඇමරිකාව ජපානය සහ ඕස්ට්‍රෙලියාව මේ වන විට ජනාධිපතිවරයද දන්වා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

රජය පිළිගත් නිතිමය තත්වයන්ට එරෙහිව යමින් අගමැතිවරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ගැන රජයේ ජේෂ්ඨතම පරිපාලන නිළධාරීන් සිය විරෝධය පළ කර තිබේ. අද උදෑසන ජනාධිපතිවරයා හමුවී ඇති ජනාධිපති ලෙකම්, නව අගමැති ෙල්කම් හා ජේෂ්ට අමාත්‍යංශ ලෙකම්වරු ජනාධිපතිවරයා විසින් තමාට නැති විධායක බලතල පාවිච්චි කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස සිදු කරන පත් කිරීම් අනුව කිසිසෙත්ම තමන්ට අමාත්‍යංශ මට්ටමින් කිසිදු නීතිමය පිළිගැනීමක් සිදු කළ කොහැකි බවට පවතින නීතියද පෙන්වා දෙමින් අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා දෝශාභියෝගයක් වෙනුවෙන් අත්සන් එකතු කිරීමේ මෙහෙයුමක් මේ වන විට එජාපය ක්‍රීයාත්මක වෙමින් තිබේ. අතිශය විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන ලෙස මෙම දෝෂාභියෝගය ෙයා්ජනව වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතාගේද සහය හිමිව තිෙබ්.

Connet With Us