subash
මන්ත්‍රීවරු මරලා හරි බලය ගන්න ශ්‍රිලනිපයේ තීන්දුවක් !
සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ශ්‍රීලනිප කාරක සභාව ඊයේ (08) අපේගම පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේ,14 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙකු හෝ දෙදෙනෙක් මරණයට පත්කොට හෝ බහුතර බලය දිනාගන්නා බව ප්‍රකාශ කොට තිබෙන බව පා.ම. තුෂාර ඉදුනිල් මහතා අද (09) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
දිගා සහ මනෝව මිළදී ගෙන ගෙනත් දෙන බව ව්‍යාපාරිකයෙක් නාමල්ට පොරොන්දු වෙලා.
පලනි දිගම්බරම් සහ මනෝ ගනේශන් මන්ත්‍රීවරු දෙදෙනා කවර මිළක් ගෙවා හෝ මිළදි ගෙන ජනාධිපතිවරයා හමුවට ගෙන එන බව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු නාමල් රාජපක්ෂට අද දින පොරොන්දු වී තිබේ.
මෛත්‍රී කපෝතියි.. තුරුම්පු සියල්ල බැසිල් ගාව. දිනුම රනිල්ට !
සිරිසේන ජනාධිපතිවරයා තමන් සතුව තිබෙන තුරුම්පු ලබන 14 වෙනිදාට අදිනවා යැයි වහසි බස් දෙඩවූවද ඔහු සතුව ඇත්තේ ජෝකර්ලා පමණක් බව මේ වන විට තවුරුව තිබේ. සිරිසේනගේ මරි මෝඩ ක්‍රියා කලාපය නිසා රාජපක්ෂවරුන්ද ලොකු අමාරුවක වැටී ඇති බව එම පාර්ශ්වයෙන් චෝදනා එල්ල වෙයි.
විදේශ තහංචි අත ළඟ... දැවැන්ත ආර්ථික අර්බුධයක් අනිවාර්යයි.
සිරා මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණයට එරෙහිව යුරෝපා සංගමය තෙවෙනි නිවේදනයත් මේ වන විට නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුව කැඳවූ සැනින් බහුතරය විමසා ඡන්ද විමසීමක් පැවැත් විය යුතු බව එහිදී දැඩිව අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාව: අධිපතිවාදියෙකු ආපහු ඇවිත් - අනුර ගුණසේකර
‘දේශපාලනය තුළ සදාකාලික මිතුරන්වත්, සදාකාලික හතුරන්වත් නැත. ඇත්තේ සදාකාලික අවශ්‍යතා පමණි’ යන, අර පට්ට ගැසූ කතාව, ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අභූතරූපී රංගනය තුළ තරම් මනාව විසද වෙන වෙනත් කිසි අවස්ථාවක් තිබී නැත.
අධිකරණයට යාමේ තේරුමක් නැහැ - අගමැති රනිල් වික්‍රමසිංහ
පවතින ව්‍යවස්ථාමය අර්බුදය විසඳීම සඳහා අධිකරණය හමුවට යාම විසඳුමක් නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසන බව ද හින්දු පුවත්පත වාර්තා කර තිබේ.
සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් - හරීන් එජාපයේ සූදානම ගැන කියයි.
ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන පිළිබඳව එක්සත් ජාතික පක්ෂය අවධානය යොමු කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
හොර විදේශ ඇමතිගේ මාධ්‍ය හමුව, විදේශ ජනමාධ්‍යවේදීන් වර්ජනය කරයි.
සිරා මරා බලු පූට්‍ටු ආණ්ඩුවේ හොර විදේශ ඇමැති සරත් අමුණුගම හෙට උදෑසන විදේශ අමාත්‍යංශයේ කැඳවා ඇති විදේශ ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය හමුව වර්ජනය කිරීමට මෙරට විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ.
උතුරේ ඉඩම් නිදහස් කරන්න, ජනපති රු ලක්ෂ 25,740 ක් හදිස්සියේම වෙන්කරයි.
පසුගිය යුධ සමයේදී හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද උතුරු පළාත් වැසියන්ගේ ඉඩම් වලින් අක්කර 203 ක ප්‍රමාණයක් පමණක් නිදහස් කිරීම වෙනුවෙන් ශ්‍රිලංකා යුධ හමුදාව රුපියල් ලක්ෂ 25,740 ක ( බිලියන 2.574ක්) මුදලක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මහින්ද ආර්ථිකයට කරන දේ ගැන මංගලගෙන් පැහැදිලි කිරීමක්
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ විශේෂ නිවේදනය
