උතුරේ ඉඩම් නිදහස් කරන්න, ජනපති රු ලක්ෂ 25,740 ක් හදිස්සියේම වෙන්කරයි.

Published in පුවත්
Thursday, 08 November 2018 18:05

පසුගිය යුධ සමයේදී හමුදාව විසින් අත්පත් කර ගන්නා ලද උතුරු පළාත් වැසියන්ගේ ඉඩම් වලින් අක්කර 203 ක ප්‍රමාණයක් පමණක් නිදහස් කිරීම වෙනුවෙන් ශ්‍රිලංකා යුධ හමුදාව රුපියල් ලක්ෂ 25,740 ක ( බිලියන 2.574ක්) මුදලක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

එම මුදල් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබා දීමට ජනාධිපතිවරයා මේ වනවිට එකඟ වී තිබේ. එම ඉඩම්වල පිහි‍ටුවා තිබෙන හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙන යාම සහ ඒ වෙනුවෙන් වන ඉදිකිරීම් කටයුතු සඳහා මෙම මුදල ඉල්ලා ඇත.

කෙසේ නමුත් උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව උතුරේ ජනතාවට පෙරොන්දු වී තිබු අතර එයින් වැඩි කොටසක් පසුගිය කාලයේ නිදහස් කරනු ලැබීය. එහෙත් තවත් ඉඩම් අක්කර 2211 ක ප්‍රමාණයක් ආරක්ෂක හේතූන් මත කිසිසේත්ම නිදහස් කිරීමට නොහැකි බව හමුදාව පවසා තිබේ. නිදහස් කළ හැකිව තිබෙන්නේ ඉඩම් අක්කර 385 ක් පමණක් බවත් ඉන් 203 ක් නිදහස් කිරීමට ඉහත කී මුදල් අවශ්‍ය බව පවසා ඇත. මේ තත්වය මත ජනාධිපතිවරයා උතුරේ සියලු ඉඩම් නිදහස් කර දෙමින් උතුරු පළාත් ජනතාවගේ වීරයා වන්නට කළ සැළස්මද අසාර්ථක වී තිබේ.

මෙම ඉඩම් ප්‍රමාණය නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරකට වැඩි කාලයක් මුලුල්ලේ හමුදාව මුදල් සම්බන්ධ ගනු දෙනුව කතා කළද ජනාධිපතිවරයා ඊට එකඟව තිබුනේ නැත. රුපියල් බිලියන 2.5 කට ආසන්න මුදල් මේ වෙනුවෙන් ලබාදීමට අදිමදි කළ අතර ඊට තවත් හේතුවක් වී තිබුනේ රාජපක්ෂ පාර්ශ්වයෙන් එල්ල වන ජාතිවාදි චෝදනා වලින් ගැලවී සිටීමට අවශ්‍ය වීමය. දැන් එම රාජපක්ෂලා ගැටළුවක් නැත.

කෙසේ නමුත් මේ හදිස්සියෙම මෙම ඉඩම් නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයා තීන්දු කර ඇත්තේ වත්මන් දේශපාලන අර්බුදය හමුවේ දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමත් දකුනේ ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටින ඔහුට උතුරු පලාත් ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීම වෙනුවෙනුත් බවත් පැහැදිලිය.

මේ අතර යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි කරන ලද උතුරු නැගෙනහිර ජනතාවගේ නැවත පදිංචිය හා ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යෙදවිය යුතු මුදල් රජයේ ආරක්ෂක අංශ වල අවශ්‍යතා සඳහා යොදාගැනීම ගැන දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකර තිබේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us