subash

subash

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් තුනක තිබූ භාණ්ඩ මාරු කර ඒවා සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ තැපැල් ස්ථානාධිපතිවරයෙකු හා පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියන්මාර රූ රැජිණ ඔටුන්න රැගෙන පළා ගොස් ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර රූ රැජිණ තරගයකින් ජයග්‍රහණය කළ ප්‍රථම මියන්මාර රූ රැජිණ වන මේ මයිට් නෝඒ  2014 වසරේ ආසියා  පැසිපික් රූ රැජිණ කිරුළ දිනුවාය.

ලබන මස 13 වනදා චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වීමට චීන විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට සුදුසුකම් ලැබු සුරූපී තරුණියන් පසුගියදා ලංකාවට පැමිණ තිබේ.

මීගලෑවේදී දරුවෙකු පැහැරගැනීමේ සිද්ධිය සැලසුම්කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අඹන්පොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව පළාත් මැතිවරණය සඳහා කිසිදු දායකත්වයක් ලබා නොදෙන බවට එම පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින එම පක්ෂයේ අපේක්ෂකයින්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වෙත පැමිණිලි කර ඇත.

බොරු චෝදනා හා අපහාසවලින් රජයේ ගමන කිසිවෙකුට වැළැක්විය නොහැකි බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයෙන් මංගල සමරවීර මහතා වහාම ඉවත් කරන්නැයි මාධ්‍ය ආයතන ප්‍රධානියකු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමේ අදහස ටික කලකට කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

සන්ධානයේ අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයාගේ නම දන්නේ නැති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

වසර සියයකට වඩා පැරැණි බෝගම්බර බන්ධනාගාරයේ තිබෙන එල්ලුම් ගස දුම්බර ඉදිකැරෙන බන්ධනාගාර කෞතුකාගාරය වෙත රැගෙන යන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බෝගම්බර බන්ධනාගාරයේ තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති භාණ්ඩ මේ වන විටත් දුම්බරට රැගෙන ගොස් ඇත.

Connet With Us