සජිත් කැලේ පැනලා : නායකත්වයට පැමිණිලි

Published in පුවත්
Sunday, 31 August 2014 10:16

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ඌව පළාත් මැතිවරණය සඳහා කිසිදු දායකත්වයක් ලබා නොදෙන බවට එම පළාත් සභාව සඳහා ඉදිරිපත්ව සිටින එම පක්ෂයේ අපේක්ෂකයින්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් වෙත පැමිණිලි කර ඇත.

ඌව පළාත් සභා මැතිවරණයේ  මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සහ අපේක්ෂකයින් අතර සාකච්ඡා කිහිපයක් පසුගියදා පැවති අතර ඊයේ දිනයේද එවැනි සාකච්ඡාවක් පැවැත්විණ.

 මෙම සාකච්ඡාවලදී සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් දැඩි ලෙස චෝදනා එල්ල කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

මොණරාගල දිස්ත‍්‍රික්කය සහ බදුල්ල දිස්ත‍්‍රික්කයේ මේ වනතෙක් පැවති කිසිදු මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තකට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා සහභාගි වී නොමැත.

විශේෂයෙන් මොණරාගල දිස්ත‍්‍රික්කයේ පැවති රැස්වීම් කිහිපයකට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට අපේක්ෂකයින් විසින් ආරාධනා කර තිබුණද ඔහු ඊට සහභාගි වී නොමැති බවට වාර්තාවේ.

ඌව පළාත් සභා මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා පත් කර ඇති පක්ෂයේ කථික ලැයිස්තුවේ සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රිවරයාගේ නම ඇතුළත්ව තිබියදී ඔහු මෙලෙස මැතිවරණ කටයුතු මගහැර ඇති බවට අපේක්ෂකයන් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇත.

(නෙත් එෆ් එම්)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us