සාමයෙන් හා සංවර්ධනයෙන් පිරි රටක් පිළිබද ජනතාවට ලබාදුන් අපේක්ෂාව ඉටුකරන තුරු රජයේ ගමන නතර නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
හෙතෙම මෙම අදහස් පළ කළේ ශී්ර ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල නියෝජිත සම්මේලනයට ඊයේ (30) පස්වරුවේ එක්වෙමිනි.
යුද්ධයක් තිබූ රටක්, ආර්ථික කඩා වැටී තිබූ රටක් වෙනුවට අද වනවිට සියලූ දෙනාට නිදහසේ ජීවත්විය හැකි රටක් ගොඩනැගී ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
රට පමණක් නොව ලෝකයම ජයගත හැකි තරුණ පරපුරක්ද රට තුළ ගොඩ නැගෙමින් ඇති බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.