මැයි මස තුන්වැනි දින ඩුබායි සිට මෙරටට එවන ලද විදේශ ගමන් මලු 03 ක් අයිතිකරුවන් විසින් රැගෙන නොයාම සම්බන්ධයෙන් ඇති වූ සැකය මත මෙම පාර්සල් විවෘත කර බැලීමේදී ඒ තුළ පත්තර හා කොන්ක්‍රීට් පතුරු දමා ඇති බවට කොටුව මධ්‍යම තැපැල් හුවමාරු ඒකකයේ විදේශ තැපැල් අධිකාරි ජේ.එච්.එම්. සමරසිංහ මහතා කොටුව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්සල් තුළ තිබූ ජංගම දුරකථන 173 ක් සහ ටැබ්ලට් යන්ත්‍ර 04 ක් පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ සැලකට අලෙවි කර තිබියදී සොයාගෙන තිබේ.