subash

subash

එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයට දෙරණ සුපිරි තරුව එම්.ජී ධනුෂ්ක සහභාගි වීමට නියමිත වූනි. නමුත් ඒ සදහා එම්.ජී ධනුෂ්ක නොපැමිණීමෙන් කෝපයට පත් සංගීත රසිකයින් එප්පාවල එළියදිවුල්වැව මහජන ක‍්‍රීඩාංගණයේ සංගීත සංදර්ශනයේ වේදිකාවට බෝතල්,ගල්,යකඩ බට හා පුටු වලින් පහරදී රුපියල් ලක්ෂ 10ක පමණ අලාභයක් සිදුකර තිබේ.
නාඩි දෙකකුත් තත්පර තිහක කාලයක් පුරා දිව යන මෙම වෙළෙඳ දැන්වීම ආරම්භ වන්නේ ඩක්හොව්නි තමා ඇමරිකාවේ නොව රුසියාවේ උපත ලැබුවේ නම් තම ජීවිතය කෙබඳු වනු ඇත්දැයි පවසමිනි. 

යාල ජාතික වනෝද්‍යානය අද (01)දා සිට මාසයක කාලයක්‌ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා වසා තැබෙන බව වනජීවි සංරක්‌ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේය.

අන්තර්ජාලය ඔස්සේ ජනප‍්‍රිය ‘අයිස් බකට් අභියෝගය’ ට අභියෝගයක් එල්ල කරන්නට ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අලූත් අභියෝගයක් ආරම්භ කර තිබේ. අමුමිරිස් අභියෝගය ලෙස නම් කර ඇති මෙහිදී අභියෝග වන්නේ අමු මිරිස් කරල් තුනක් කා දැමීමයි.

නිශ්මන් රණසිංහ මහතා ගේ කලා ජීවිතයේ නවමු නිර්මාණයක් වන ගැලවිජ්ජා වේදිකා නාට්‍ය පසු අගෝස්තු 26,27 යන දිනයන්හි  මරදාන ටවර් රඟහලේදී කරලිය වුනි. පහතින් දැක්වෙන්නේ එහි සොදුරු අවස්ථා කිහිපයකි.

යළි එජාපයට එක් වන්නට යයි රනිල්‍ වික්‍රමසිංහ මහතා තමා ඇතුළු පිරිස්වලට ප්‍රසිද්ධියේ ආයාචනය කළද, තවමත් ඒ සඳහා කලයුතු ගතයුතු එකදු හෝ හරයාත්මක පියවරක් ගෙන නැති බවත්, අවම වශයෙන් පක්ෂයේ වගකිවයුතු කිසිවකු දුරකතනයෙන්  හෝ කතා කොට නැති බවත් බස්නාහිර පළාත් සභාවේ එජාප හිටපු මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

මේ මොහොතේ නියෝජ්‍ය නායකධුරය හෝ වෙනත් කිසිඳු තනතුරක් බාර නොගන්න ලෙසත්, සැප්තැම්බර් 06 දා තෙක් දේශපාලන කටයුතු මඟ හැර නිශ්ශබ්දව සිටින ලෙසත් එජාප මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට ජෝතිෂ්‍යවේදීන් කිහිපදෙනෙකුම උපදෙස් දී ඇතැයි වාර්තාවේ.

ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරිනියකට කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි සැකකාර විශේෂඥ වෛද්‍යවරයා මියගොස් ඇති බව නීතිඥවරයකු විසින් මරණ සහතිකයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් සෑම් විජේසිංහ මහතා අභාවප්‍රාප්ත විය. 

මොනරාගල අංග සම්පූර්ණ දිස්‌ත්‍රික්‌ පරිපාලන සංකීර්ණය අද (01) සවස 3.00 ට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

Connet With Us