මහරගම පාසල් මාවතේ පදිංචිව සිටි විශේෂඥ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් මෙම මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කෙරිණි.
2011 දෙසැම්බර් 03 දින හෝ ඊට ආසන්න දිනයක පැමිණිලිකාර ශාමිණි දුෂ්මන්ති සින්නයියා නමැත්තිය අතේ ඇතිවූ අමාරුවක් සඳහා ප්‍රතිකාර ගැනීමට ඩර්ඩන්ස් රෝහල වෙත ගොස් ඇත.එම අවස්ථාවේ ඇයව සැකකාර වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඔහු විසින් ඇයට රෝහලේ ලෙඩුන් පරීක්ෂා කරන කාමරයක් තුළදී ලිංගික අතවරයක් සිදුකළ බවට ඇය විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබිණ.
එම පැමිණිල්ලට අනුව මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇපමත මුදා හැර නඩු පැවරීම සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට උද්ධෘත නීතිපති වෙත යවා තිබිණි.
මෙම පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා ඉකුත් මාර්තු මස 27වැනි දින හෘදයාබාධයකින් මියගොස් ඇති බවට මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.
ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරිනියකට කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි සැකකාර විශේෂඥ වෛද්‍යවරයා මියගොස් ඇති බව නීතිඥවරයකු විසින් මරණ සහතිකයක් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

