අයිස් බකට් වෙනුවට අමු මිරිස් චැලේන්ජ්

Published in පුවත්
Monday, 01 September 2014 10:57

අන්තර්ජාලය ඔස්සේ ජනප‍්‍රිය ‘අයිස් බකට් අභියෝගය’ ට අභියෝගයක් එල්ල කරන්නට ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් අලූත් අභියෝගයක් ආරම්භ කර තිබේ. අමුමිරිස් අභියෝගය ලෙස නම් කර ඇති මෙහිදී අභියෝග වන්නේ අමු මිරිස් කරල් තුනක් කා දැමීමයි.

වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදල් එකතු කිරීමක් සිදු කිරීම මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන අතර මෙය සංවිධානය කරන රසික නානායක්කාර මේ සම්බන්ධයෙන් මෙසේ සඳහන් කරයි.

‘රජරට වකුගඩු රෝගීන් මේ වෙනකොට 20,000ක් ඉන්නවා. ඒ අතර ඉන්න අයගෙන් හැමදාම දෙදෙනෙක් මිය යනවා කියලයි කියන්නේ. මේකට හේතුව වෙන්නේ බැර ලෝහ දීර්ඝ කාලීනව ශරීර ගත වීම කියලයි ඒ ගැන පරීක්ෂණ කරන විශේෂඥයෝ කියන්නේ…. මේ රෝගයට වැඩි හරියක් ගොදුරු උනේ රටට බත සපයපු ගොවියෝ බව අපි කාටවත් රහසක් නෙමේ… අපි හැමෝම ඒ අය වවපු ගොයමෙන් ගත්තු වී වලින් ජීවිතේ එක දවසක් හරි බත් කාල ඇති.

මේ අපේම රටේ මිනිස්සු වෙනුවෙන් අපිත් අපිට හැකි දෙයක් කරන්න ඕනේ කියන අදහස ගොඩ දෙනෙක්ගේ හිත් තුළ තියෙනවා කියන එක අපි දන්නවා. ‪#‎ALSIceBucketChallenge‬ එක ජනප්‍රියව තියෙන මේ වෙලාවේ අපි හිතුවා නාලා නෙමේ කාලා challenge කරන්න… අපේම මිනිස්සු වෙනුවෙන්. ‪#‎SLAmuMirisChallenge‬ එක අපි කරන්නේ රජරට වකුගඩු රෝගයෙන් පීඩා විඳින අපේම මිනිස්සු වෙනුවෙන්… එයාලට සරණක් වෙන්න…

චැලේන්ජ් එක යන විදිය සරළයි… චැලේන්ජ් එක අමු මිරිස් කරල් තුනක් මිනිත්තු දෙකකදී කාලා ඉවර කරන එක… ඔබට පුළුවං ඔබ දන්න හඳුනන 5 දෙනෙක්ට චැලේන්ජ් කරන්න. ඔවුන් චැලේන්ජ් එක භාරගත්තොත් මේ වැඩසටහන සඳහා වෙන අරමුදලට රුපියල් 100/= කින් දායක වෙන්න ඕනේ… චැලේන්ජ් එක භාර නොගත්තොත් වකුගඩු රෝගී අරමුදලට රුපියල් 1000/=ක් පරිත්‍යාග කරන්න ඕනේ… මේ ආකාරයට ඔබ දන්න කියන අයට “අමුමිරිස් චැලේන්ජ්” කරමින් අරමුදල තරකිරීමට ඔබේ දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා’

 

 

Last modified on Monday, 01 September 2014 12:27

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us