යාල අද සිට මාසයක්‌ සංචාරකයන්ට වැසේ

Published in පුවත්
Monday, 01 September 2014 11:07

යාල ජාතික වනෝද්‍යානය අද (01)දා සිට මාසයක කාලයක්‌ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් සඳහා වසා තැබෙන බව වනජීවි සංරක්‌ෂණ අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක මහතා සඳහන් කළේය.

දැඩි නියඟය පවත්නා සැප්තැම්බර් මාසය තුළ යාල ජාතික වනෝද්‍යානය වසා දැමීම වාර්ෂිකව සිදුකෙරේ.

ඔක්‌තෝබර් මාසයේ ලැබීමට නියමිත මෝසම් වැසි පමා වුවහොත් යාල වනෝද්‍යානය වසා දැමීමේ කාලය තවත් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි ද රත්නායක මහතා පැවැසුවේය.

වනෝද්‍යානය තුළ සිටින සතුන් ආහාර හා ජලය සොයා මේ කාලයේ සංක්‍රමණය වන අතර සතුන්ගේ එම චර්යා රටාවට බාධා සිදුවන හෙයින් සැප්තැම්බර් මාසය පුරා යාල ජාතික වනෝද්‍යානය වසා තබනු ඇත.

සංචාරකයන් වැඩි වශයෙන් යාල වනෝද්‍යානයට පැමිණීමෙන් විශාල ආදායමක්‌ ලැබෙන නමුත් ඊට වඩා සතුන්ගේ පැවැත්මට ප්‍රමුඛතාව ලබාදිය යුතු බැවින් මෙම කාලයේ යාල ජාතික වනෝද්‍යානය වසා දැමෙන බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ කාලයේ සතුන් ජලය සොයා එළිමහනට පැමිණෙන බැවින් දඩයක්‌කරුවන්ගේ ග්‍රහණයෙන් සතුන් ආරක්‌ෂා කර ගැනීම සඳහා ජංගම ආරක්‌ෂක සේවා දැඩි කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us