subash
පසුගිය සතියේ බඩල්කුඹුරේදී සිය ආධාරකරුවන්ට එල්ල වූ ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා නොකළ බවට ආණ්ඩුව නගන චෝදනාව සත්‍යයෙන් තොර බව පොලිසිය පවසයි.
බ්‍රිතාන්‍යයෙන් පැමිණි ආචාර්යවරයා ගෙන් ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරමින් ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු රැස් කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරයකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
පසුගිය දා ඉතාමත් ජනප්‍රිය වී නැවත ජනප්‍රියත්වය හීන වීගන යන අයිස් බකට් නෑමේ නවතම පුවතක් අප වෙත වාර්තා වේ.
කන්නෙලිය රක්ෂිත වනාන්තරය ආහ්‍රීතව පර්යේෂණයන්හි නිරතව සිටින පරිසරවේදී විශාන් පුෂ්පමාල් මහතා විසින් සිය පර්යේෂණ සදහා අල්ලාගනු ලැබූ පොලොං මවක පැටවුන් 21 දෙනෙකු බිහිකර තිබේ. මෙම පැටවු 21 දෙනා බිහි කර ඇත්තේ පසුගිය 29 වැනිදාය.
තායිවානයේ තායිපේ නුවර පසුගිය 24 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වුණු 10 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේ වයස 13 පහළ බාලක රන් පදක්කම අම්බන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්. සසින් නිපුන් පියුමන්ත විසින්ද, වයස 15 පහළ බාලිකා රන් පදක්කම කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලයේ ඉෂිනි දිල්හාරා වික්‍රමසිංහ විසින්ද දින ගන්නා ලදී.
බෙල්ලන්විල පෙරහරේදී කුලප්පු වු හේමන්ත අලියාට අද අලුයම 2.15 ට නිර්වින්දන බෙහෙත වීදීමෙන් පැය දොළහ‘මාරකට පසු අද දහවල් 2.45 ට නැඟිට ගිය බව පෙරහර සංවිධායකයෝ කියති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.
ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල පහකට හා එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල හතරකට පසුගිය 29 හා 30 යන දෙදිනේදී ප්‍රහාර එල්ලකර තිබෙන බවත් ඉන් කාර්යාල තුනක් සම්පූර්ණ ලෙසම විනාශ වී තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.
වැල්ලවාය, ඇතිලිවැව ප‍්‍රදේශයේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ පක්‍ෂ කාර්යාලයකට අසුචී ප‍්‍රහාරයක් එල්ල වී ඇත.
නිළියකට HIV :කාම චිත්‍රපට නිපදවීම නවතියි ! (වීඩියෝ )
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කාම චිත්‍රපට කර්මාන්තය බිද වැටෙයි. විදෙස් වාර්තා සදහන් කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා සිට ලොස් ඇන්ජලීස් නුවර කාම චිත්‍රපට නිපදවීම සම්පුර්ණයෙන් අත්හිටුවා ඇති බවයි.
