ගීතාගේ රැස්වීමේ කතා කරන්න ගිහින් ගුටිකලා

Published in පුවත්
Sunday, 31 August 2014 18:16

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර ඇල්පිටිය නියෝජිත සමුළුව ඇල්පිටිය රූපා කරුණාතිලක රංග ශාලාවේදී සෙනසුරාදා  පැවැත්වෙද්දී දැරියක(13) ද සමඟ ගැමියෙක් වේදිකාව ඉදිරියට පැමිණියේය.

 වරාය හා මහාමාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා කතා කරමින් සිටියේය.

‘ඇමැතිතුමා කතා කරන්න කලින් මට හමුවෙන්න ඉඩක් දෙන්න‘  ඔහු ඉල්ලා සිටියේය.

‘හරි හරි රැස්වීම ඉවරවෙලා අපි කතා කරමු‘ . අමැති කීවේය.

එහෙත් සුමතිපාල නම් වු එම පුද්ගලයා දිගින් දිගටම කතා කරන්නට විය.

ඇමැතිගේ කතාවට දිගින් දිගටම බාධා ඇති විය.

සුමතිපාල :‘අපි හැමදාම තමුන්නාන්සේලාගේ කතා ඇහුවා.දැන් අපේ කතාව අහන්න.අපි එදා ඉදලා හොද ශ්‍රී ලංකා කාරයෝ .අපට සමෘද්ධියත් නෑ .කන්නත් නෑ.ඉන්නත් නෑ.මේ දරුවා තියාගෙන ඉන්නේ මහ පාරේ.‘

එසේ කී සුමතිපාල දරුවා වඩා ගත්තේය.රැස්වීම සංවිධානය කළ බෙන්තර ඇල්පිටිය ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායිකා දකුණු පළාත් සභා මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය සිය ආසනයෙන් නැගිට්ටාය.තවත් කිහිප දෙනකු සමඟ එහි පැමිණියාය.එම පිරිස සුමතිපාල රැස්වීමෙන් එළියට රැගෙන ගියේය.එසේ රැගෙන යද්දීත් ඔහුගේ කතාව නතර වුයේ නැත.ඔහුට කම්මුල් පහරක් වැදුණේය.

දරුවාද භීතීයට පත් වු බව එය දුටුවෝ කියති. ඔහුට පහර දුන්නේ නිල ඇඳුමක් ඇද සිටි කෙනෙකියි එහි සිටි අය කියති.

කාගේ හෝ පිල්ලියක්  එවලා යැයි තව පිරිසක් කීහ.ඔහුද බිරියද දරුවාද පොලිසියටරැගෙන යනු ලැබුහ.

පොලීසිය ටික වේලාවකින් ඔහු ද දරුවා ද බිරිය ද මුදා හළේය.

(ලංකාදීප එසැනින්)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us