එල්එස්ඊ හෙවත් ලන්ඩන් ස්කූල් ඔෆ් එකොනොමික්ස් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ආචාර්ය රාජේශ් වේනුගෝපාල් මහතා ගෙන් ආගමන විගමන පාලකවරයා විසින් මෙසේ රඳවා ගෙන ප්‍රශ්න කරන ලද බව, පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා 'බිබිසි සංදේශය' කළ විමසීමකදී කියා සිටියේය.
පසුගිය ඉරිදා ඔහු ශ්‍රී ලංකාවට ලඟා වූ අවස්ථාවේ පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය විසින් කටුනායක ගුවන් තොටුපොලේදී ඔහු රඳවා ගන්නා ලද බවට පළ වී තිබූ පුවත් වාර්තා නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රතික්ෂේප කළේය.
"ඔහු පැමිණ තිබෙන්නේ ලංකාවේ පැවැත්වෙන එක්තරා සමුළුවකට සහභාගි වීමට. නමුත් ඔහු ඒ සංවිධානය කරපු අයටත් නොදන්වා මඩකලපුව ප්‍රදේශයට ගොස් රජයේ ආරක්ෂක හමුදා සම්බන්ධ යම් යම් තොරතුරු පුද්ගලයන්ගෙන් විමසලා තිබෙනවා, එක්තරා ස්ථානයකට කැඳවලා," යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 'බිබිසි සංදේශය' කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේය.
ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ සහාය මහාචාර්යවරයකු වන ආචාර්ය රාජේශ් වේනුගෝපාල් මහතා දකුණු ආසියානු දේශපාලනය, සංවර්ධනය සහ ගැටුම් නිරාකරණය විෂයයන පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව ඔහුගේ ට්විටර් අඩවියේ දැක්වේ.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හරින ලද සහාය මහාචාර්යවරයා, පශ්චාත් යුද කාලීන සංවර්ධනය මැයෙන් කොළඹදී පැවැත්වෙන දිළිඳුකම පිටුදැකීම පිළිබඳ (සේපා) කේන්ද්‍රයේ 13 වැනි වාර්ෂික සමුළුවේදී අද (01) අදහස් දැක්වීමට නියමිතව තිබේ.
බ්‍රිතාන්‍යයෙන් පැමිණි ආචාර්යවරයා ගෙන් ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීතිය උල්ලංඝනය කරමින් ආරක්ෂක හමුදා පිළිබඳව තොරතුරු රැස් කිරීමට උත්සාහ කළ බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල ආචාර්යවරයකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

