බොරලැස්ගමුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ සිටියදී අල්ලාගන්නා ලද මෙම පොළගා පැටව් බිහිකිරීමට සිටින බව හදුනා ගැනීමෙන් පසු වීදුරු පෙට්ටියක දමා රඳවාගෙන ඇත. සති දෙකකට පමණ පසුව පැටවුන් 21 දෙනෙකු බිහිකර තිබේ.
මෙම පොළොං පැටවුන් 21දෙනාගෙන් 20දෙනෙකු නිරෝගී සතුන් බවත් එක් පැටවකු උපතේදීම මියගොස් සිටි බවත් පුෂ්පමාල් මහතා පවසයි. පරීක්ෂණ අවසන් වූ පසුව එම සතුන් කන්නෙලිය රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
( නෙත් එෆ්.එම්. - රවීන්ද්‍ර චන්ද්‍රලාල් )