subash
හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ 6500කට සියලු වරප්‍රසාද
පසුගිය කාලයේ උතුරු නැගෙනහිර පැවති යුධ ගැටුම් හේතුවෙන් ආබාධිත තත්වයනට පත්ව සේවයෙන් විශ්‍රාම ගන්වන ලද යුධ හමුදා සාමාජිකයින්ට ද තම සමකාලීනයනට සමගාමීව නිල උසස්වීම් ලබාදීමට ආරක්ෂක හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇති බව ඊයේ ( 03) කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අනාවරණය කර සිටියේය.
'රණවිරු රියැලටි ගී ප්‍රසංගයේ අවසන් හත් දෙනා අතර සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් තිළිණ චන්ද්‍රකුමාරට වටිනා මෝටර් රථයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව ඊයේ (03) කටයුතු කළේය.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මෙන්ම පක්ෂ සම්මේලනයටද එක්වන බවට සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා තමන්ට දැනුම්දී ඇතැයි එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසිය.
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා නොකඩවා ලෙස තෙවැනිවරටත් කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගැනිමින්ද, වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලබමින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මන රාත්‍රිය ඊයේ (03දා) නිමාවට පත්විය.
එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්‌කමක් බලාපොරොත්තුවෙන් නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන ජීවන් මෙන්ඩිස්‌ව ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන වකවානුවේදී පැවැත්වෙන කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා මුදා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක විසින් කටයුතු කර තිබීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා වහාම වාර්තාවක් කැඳවා තිබේ.
හලාවත, මුන්නේෂ්වරම ශ්‍රී භද්‍රකාලි දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව නිසි බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
මීගමුව රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි ඇඟළුම් සේවිකාවක දූෂණය කර එහි 06 වැනි මහලෙන් බිමට තල්ලූකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය අද (03) මරණ දඬුවම නියම කළේය.
දරුවන්ගේ ආහාර පාන සඳහා වන වෙළඳ දැන්වීම්වලට පෙනී නොසිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නළු නිළියන්ගෙන් හා ක්‍රිඩකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව මේ දිනවල සිතුල්පව්ව පුද බිම් පැත්තට පැමිණෙති.
පසුගියදා රූපලාවන්‍ය එන්නතක් ලබා දීම හේතුවෙන් වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියේ සැකකාර බම්බලපිටියේ කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු වෛද්‍ය නිමල් ගමගේ මහතා ඇප මත නිදහස් කර තිබේ.
