ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ලෙඩක්‌ දා ගනී !

Published in ක්‍රීඩා
Thursday, 04 September 2014 09:25

එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්‌කමක්‌ බලාපොරොත්තුවෙන් නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන ජීවන් මෙන්ඩිස්‌ව ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන වකවානුවේදී පැවැත්වෙන කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියක්‌ සඳහා මුදා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක විසින් කටයුතු කර තිබීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා වහාම වාර්තාවක්‌ කැඳවා තිබේ.

ක්‍රිකට්‌ පරිපාලනයේ විධායක බලතල ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ප්‍රධාන විධායකට ලැබෙන සේ අවසරය ලබාදුන් සැනින්, ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අනුමැතිය දී තීන්දු කර තිබූ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය අතර ප්‍රතිපත්තිමය තීරණයක්‌ මත නම් කළ කණ්‌ඩායමක සාමාජිකයෙකු මෙසේ මුදා හැරීමට පියවර ගැනීම ආන්දෝලනයට තුඩු දී තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් කළ විමසීමේදී 'ඉස්‌සර මේ වගේ පදක්‌කම් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්‌ථාව ලැබුණු කණ්‌ඩායම්වලට ඉලක්‌කයක්‌ තිබුණේ නැහැ. නියෝජනයක්‌ වෙනුවෙන් පමණක්‌ කුමන හෝ ක්‍රීඩකයන් පිරිසකගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ යෑව්වා. නමුත් මෙවර අපි රන් පදක්‌කම බලාපොරොත්තුවෙන් හොඳම කණ්‌ඩායමක්‌ තේරුවා. මෙවැනි කණ්‌ඩායමක්‌ තේරීමෙන් අපේ ඉලක්‌කය මොකද්ද කියන එක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය හොඳටම දන්නවා. 


එසේ තිබියදී තමයි ප්‍රධාන විධායක නිලධාරියා තමන්ට අලුතින් හිමිවූ බලතල යටතේ අත්තනෝමතික ලෙස මෙම ක්‍රීඩකයාව මුදා හැරීමට කටයුතු කරලා තිබෙන්නේ. රටේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අනුමැතිය දී ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකට නම් කළ ක්‍රීඩකයෙක්‌ව, රටට සෘජු සම්බන්ධයක්‌ නැති විදෙස්‌ තරගාවලියක්‌ වෙනුවෙන් මුදා හරින්න ක්‍රිකට්‌ ප්‍රධාන විධායකට ඇති අයිතිය මොකක්‌ද? ඒ ගැන පරීක්‍ෂණයක්‌ කරලා වහාම මට වාර්තාවක්‌ යොමු කරන්න කියලා මම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයාට දැනුම් දුන්නා' යෑයි අලුත්ගමගේ මහතා පවසා සිටියේය.


උද්ගතවී ඇති ගැටලුව සම්බන්ධයෙන් කරුණු විමසීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ඇමතූ විට 'මෙතැන සිදුවෙලා තිබෙන්නේ සන්නිවේදන ගැටලුවක්‌. ජාතික ඔලිම්පික්‌ කමිටුව සමග සම්බන්ධව කණ්‌ඩායමක්‌ ලබාදීමේදී පාර්ශ්ව දෙකක්‌ අතර නිසි සන්නිවේදනයක්‌ සිදුවෙලා නැහැ. ජීවන්ට අදාළ ලීග් තරගාවලියට සහභාගීවෙන්න එපා කීවොත් ඔහු ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩා කරාවී. එය මහා බරපතල දෙයක්‌ නොවෙයි' යෑයි පිළිතුරු දුන්නේය.

(දිවයින)

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us