හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ 6500කට සියලු වරප්‍රසාද

Published in පුවත්
Thursday, 04 September 2014 09:59

පසුගිය කාලයේ උතුරු නැගෙනහිර පැවති යුධ ගැටුම් හේතුවෙන් ආබාධිත තත්වයනට පත්ව සේවයෙන් විශ්‍රාම ගන්වන ලද යුධ හමුදා සාමාජිකයින්ට ද  තම සමකාලීනයනට සමගාමීව නිල උසස්වීම් ලබාදීමට ආරක්ෂක හමුදාව විසින් කටයුතු සූදානම් කර ඇති බව ඊයේ  ( 03)  කොළඹ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අනාවරණය කර සිටියේය.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් කරන ලද යෝජනාවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අනුමැතිය ලබා දී ඇත. 

යුද්ධයේදී තුවාල ලබා තවදුරටත් සේවයේ යෙදීමට නොහැකි තත්ත්වයක සිට විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයින්ට  මෙතෙක් කාලයක් ලැබී ඇත්තේ ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ ලැබුණ වැටුප තනතුර සහ එම කාලය තුළ ලැබුණ සෙසු වරප්‍රසාද පමණක් බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වනිගසූරිය මහතා පැවසීය.

එහෙත් එසේ වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගිය හමුදා සාමාජිකයින්  හා සමකාලීනව සිටි තවදුරටත් සේවයේ යෙදී සිටින විශාල පිරිසකට වැටුප් වර්ධක, උසස්වීම් හා වෙනත් වරප්‍රසාද හිමිවී තිබේ. ඇතැම් හමුදා සාමාජිකයින්  ඉහළ වැටුප් තලවල ඉහළ තනතුරු දක්වා උසස්වීම් ලැබුවෝ වෙති.

දශක තුනකට අධික කාලයක් තිස්සේ යුද්ධයට කැපවී විශ්‍රාම ගිය විශාල පිරිසක් අද සොල්දාදුවන් ලබන වැටුප් පවා ලබමින් සිටිති.

යුද්ධයේදී මිය ගිය හා අතුරුදන් වූ හමුදා සාමාජිකයින්ගේ  වැටුප ලබාගන්නා ඥාතීන්ට පවා එම වැටුප් වර්ධක ආදිය හිමිව තිබිය දී වෛද්‍ය හේතූන් මත මෙසේ විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයින්ට  ඒවා හිමිනොවීම අතීතයේ සිට සිදුව එන විශාල අතපසුවීමක් බව තේරුම් ගත් යුද්ධ හමුදාව ඔවුන්ටද ඒවා ලබාදීමේ යෝජනාව මෙසේ ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එම සියලුම වැටුප් වර්ධක සහ උසස්වීම් ලබාදෙන ලෙසට ආරක්ෂක ලේකම්වරයා නිර්දේශ කර තිබේ.

මේ යටතේ හමුදා සාමාජිකයින්ව සිටි  හයදහස් පන්සියයකට ආසන්න පිරිසකට ඔවුන් විශ්‍රාම ගිය දිනයේ සිට හිමිවීමට නියමිත වැටුප් වර්ධකවල හිඟ වැටුප් සහ උසස්වීම් ආදි සියලු දෑ හිමිවෙයි.

ඔවුන් මිය ගොස් නම් එම වැටුප් ලබාගන්නා ඥාතීන්ට ඒවා හිමිවෙයි. 

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us