'සජිත්ව දැන්ම පත්කරන්නේ නැහැ' -රනිල්

Published in පුවත්
Sunday, 31 August 2014 09:47

සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා කිරීමේ අදහස ටික කලකට කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාපයට හිතවත් භික්ෂුන් වහන්සේලාගේ හා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම සලකා එම තීරණය ගත් බව ඔහු ඊයේ එම පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකුට පවසා  ඇතැයි වාර්තාවේ.

කෙසේවුවද, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදු කරන බවත්, පක්ෂයේ නියෝජ්‍ය නායක හා භාණ්ඩාගාරික වැනි පුරප්පාඩු වී ඇති තනතුරු සඳහා සති දෙකක් තුල පුද්ගලයින් පත් කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (30) මහනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කර සිටියේය.

ඔහු එහිදී මෙසේ පැවසිය.

'' එක්සත් ජාතික පක්ෂයේ ඉඳිරි ජයග්‍රහණ සඳහා අප සියලුදෙනා එකට එකතුකරමින් ඉන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට කෙනෙකු පත් කිරීම ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්වුනා. සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම ගැනත් අදහස් හුවමාරු වුනා. ඒවගේම භාණ්ඩාගාරික තනතුර පුරප්පදුවී තියනවා.

ඒ වගේම තවත් සංශෝධන ගණනාවක් ඇති කරන්න නියමිතවෙලා තියනවා. සති දෙකක් ඇතුලත මේ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් ලබාදෙනවා. සැප්තැම්බර් මාසයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා මේගැන තීන්දුවක් ගන්නවා.'' යයි ද  එජාප මහ ලේකම්වරයා පැවසිය.

මේ තීරණ ක්‍රියාත්මක කරන්නේ ඌව පළාත් සභා මැතිවරණය ඉලක්කර ගනිමින් නොව, ජනාධිපතිවරණයට එජාපය සුදානම් කිරීම ඉලක්ක කර ගනිමින් බවද ඔහු කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us