subash

subash

ලෝක ගුරු දිනය අදයි, එහෙත් ලෝකයම ගුරු දිනය සමරද්දි ශී‍්‍ර ලංකාවේ ගුරුවරුන් උද්ඝෝෂණයකට සූදානම් වන බව ලංකා ගුරු සංගමය පවසයි.  යාපනය නගරයේදී මෙම උද්ඝෝෂණය සිදු කිරීමට නියමිතව තිබේ. 

තවදුරටත් ශිෂ්‍යයාවන් ශිෂ්‍යයින්ගේ නේවාසිකාගාර වල රැඳී සිටීමට උත්සහ කළහොත් අදාළ සිසුවියන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා පවසයි.

සබරගමු සරසවියේදී එල්ල වූ සිසු විරෝධයට සැලකිය යුතු ආකාරය දන්නා බවත් එහෙත් ඡන්දෙ නිසා එසේ නොකල බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

තමිල්නාඩු හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් සිරගත කිරීමත් සමග හෘදයාබාධ සහ දිවිනසා ගැනීම් නිසා ඊයේ (05) වන විට පුද්ගලයින් 62ක් මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ගෙල වැලලාගෙන සිටින දර්ශනයක් ලැප්ටොප් පරිගණකයකින් වීඩියෝ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය බවට සැකකරන පාසල් සිසුවකුගේ මළ සිරුරක් ග‍ලේවෙල තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක තිබි පෙරේදා (04) සොයාගත් බව ග‍ලේවෙල ‍පොලිසිය කියයි.

ලබන වසරේ මුල් භාගයේ කඩිනමින් ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සුදුසු වාතාවරණයක්‌ නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගෙන් රුපියල් කෝටි 100 ක‌ වන්දි ඉල්ලා බස්‌නාහිර පළාත් සභා ඇමැති නිමල් ලාන්සා නඩු පවරා තිබේ.

ජනාධිපතිවරණයෙන් ජයගන්නා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව, එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් විය හැකි බවත්, එවැනි ආණ්ඩුවක විපක්ෂ කාර්ය භාරය පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික හා සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා පවසයි.

අද විදේශ සේවයේ ඉන්නේ 'ඩීල්' කාරයන් බවත්, ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග ද 'ඩීල්' දමන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

රිතික් රෝෂන් සහ කත්‍රිනා කයිෆ් රඟන 'බෑන්ග් බෑන්ග්' චිත්‍රපටය පළමු දිනයේදී ඉන්දියානු රුපියල් කෝටි 27.54ක් උපයා ඇති බව වාර්තා වේ. එය තිරගත වීම ඇරඹියේ පසුගිය 2 වැනිදාය.

Connet With Us