සිසුවකු බෙල්ලෙ වැල දාගෙන තාත්වික රංගනයක් කරලා

Published in පුවත්
Monday, 06 October 2014 09:47

ගෙල වැලලාගෙන සිටින දර්ශනයක් ලැප්ටොප් පරිගණකයකින් වීඩියෝ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය බවට සැකකරන පාසල් සිසුවකුගේ මළ සිරුරක් ග‍ලේවෙල තලකිරියාගම කිරලගොල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක තිබි පෙරේදා (04) සොයාගත් බව ග‍ලේවෙල ‍පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ උසස් පෙළ විභාගයට ඉගෙන ගන්නා පාසල් සිසුවකු වන ක්‍රිෂාන් දිල්හාන් (17) නමැති අයෙකි. මව හා පියා නිවසේ නොමැති අවස්ථාවක පරිගණකය පුටුවක් උඩින් තබා ක්‍රියාත්මක කර ඊට ඉදිරිපිටින් සිසුවා ගෙල තුවාල නොවන්නට ගෙල වටා තුවායක් හා රෙදිවලින් මසන ලද ඝනකම් පාපිස්නක්ද ඔතා ලණුවක් ගෙ‍ලේ ගැටගසා කාමරයේම වහ‍ලේ එල්ලී ඇති බව ‍පොලිසිය කියයි.

දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා පැමිණ පරීක්ෂා කර බලන විට ලැප්ටොප් පරිගණකය රහස් අංකයක් යොදා ඇතුළුවීම වළකා තිබිම නිසා එය විවෘත කිරීමට දන්නා අයකු ලවා පරීක්ෂා කර අධිකරණයට දන්වන ලෙස නියෝග කරන ලදී.

මියගිය සිසුවාගේ පියා වන උපාලි ජයලත් මහතා කියා සිටියේ තම දරුවාට සියදිවි හානි කර ගැනීමට තරම් කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය. ඔහු නිතර තනිව සිටීමට කැමැත්තක් දක්වන සිසුවකු බවද කියයි. ග‍ලේවෙල ‍පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ‍පො.ප. සාගර රාජකරුණා මහතා පරීක්ෂණ මෙහෙයවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us