'ජනවාරි මුල ජනපතිවරණයට සුදුසු නැහැ' -වාසුදේව Featured

Published in පුවත්
Monday, 06 October 2014 09:36

ලබන වසරේ මුල් භාගයේ කඩිනමින් ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට සුදුසු වාතාවරණයක්‌ නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා සඳහන් කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

2016 නොවැම්බර් මස පැවැත්විය යුතු ජනාධිපතිවරණය ඊට පෙරාතුව පැවැත්වීමේ සහ ඊට සූදානම් වීමේ කතාවක්‌, ආරංචියක්‌ ජනමාධ්‍ය හරහා පැතිරෙමින් ඇතත් මෙබඳු තීරණයකට කිසිම හේතු යුක්‌තියක්‌ නොමැත. එමෙන්ම එබඳු තීරණයක්‌ ගනු ලැබූ බවක්‌ ද අප නොදනිමු.

මහින්ද චින්තනය (2005) සහ ඉදිරිමග (2010) අනුව අප විසින් ඉටු කළ යුතු මහජන මෙහෙවර තවත් බොහෝ ඇත. පසුගිය පළාත් සභා මැතිවරණය මගින් පෙන්නුම් කරන දර්ශනයන් අනුව ද සන්ධානයේ පහසු ජයග්‍රහණය සඳහා ද ගතයුතු තවත් පියවරයන් ඇත. එබැවින් ලබන වසරේ මුල් භාගයේ කඩිනමින් ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම නිදහස්‌ සන්ධානයට සුදුසු වාතාවරණයක්‌ නොවේ.

සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මේ පිළිබඳව ප්‍රථමයෙන්ම තීරණයක්‌ ගත යුතුය. සන්ධානයේ වාමාංශික පක්‍ෂ මේ පිළිබඳව දරන මතය ද ශ්‍රීලනිප විසින් සැලකීමට ගනු ඇතැයි අපි සිතමු.

අපට විරුද්ධව එන ප්‍රබලම අපේක්‍ෂකයා හෝ පොදු අපේක්‍ෂකයාගේ ප්‍රධානම සටන් පාඨය හා අවිය වනු ඇත්තේ ජනාධිපති ක්‍රමය වහාම වෙනස්‌ කර පාර්ලිමේන්තුවට බලය පැවරීමය. එම තත්ත්වය යටතේ ජනාධිපති ක්‍රමය තවදුරටත් තබාගත යුතු යෑයි තර්ක කිරීමට අපට කිසිම පුළුවන්කමක්‌ නැත.

අපගේ සන්ධානයේ සියලුම පක්‍ෂ එක හඬින් ඡන්ද ව්‍යාපාරයට ඇතුළත් නොවන්නේ නම් එය ආරම්භක වශයෙන්ම ඇතිවන දුබලතාවයකි. එබැවින් එකී සියලු ප්‍රශ්න ගැන සාකච්ඡා කරමින් තීරණ ගැනීමට අවශ්‍ය කාලය අපි අහිමි කරගත යුතු නැත.


කෙසේ වුවද අපගේ අරමුණ වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් සන්ධානය පෙරට ගෙනයැමය. මෙම අවස්‌ථාවේ ඒකමතික නොවූ තීරණයන්ට එළඹීම අපගේ ජනතා කඳවුර තුළ ද ඇති කරන්නේ ව්‍යාකූලත්වයකි.

අපට එරෙහිව ප්‍රතිගාමීන් ඇතුළු විදේශීය බලවතුන් සැලසුම් කරන අභියෝගය බරපතළ ලෙස සූදානම් කරනු ඇති බව දැනගත යුතුය. එබැවින් ප්‍රතිවාදීන් නිරායුධ කරමින් අපගේ ජයග්‍රහණය සහතික කර ගැනීමට අවශ්‍ය සියලු තීන්දු ඒකමතිකව ගැනීම සඳහා කටයුතු කළ යුතුව ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us