subash
බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
ආණ්‌ඩුව විසින් ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කොට ඇති ජනාධිපතිවරණය මාර්තු මාසය දක්‌වා කල් දමන්නැයි ප්‍රබල ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට යන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පක්‍ෂය පොදු අපේක්‍ෂකයකුට සහාය දීම හෝ පක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම සිදු නොවනු ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.
ලෙඩ ඇඳේ පස් මසක් වැතිර සිට ශිෂ්‍යත්වය දිනු හපනා
දිනය හරියටම කිව්වොත් සැප්තැම්බර් මාසේ 29 වැනිදා. එදා සඳුදාවක්. උදැසන කොළඹ පැවතුණේ වැසිබර කාලගුණයක්. උදේ 9 ට පමණ මාගේ ජංගම දුරකථනයට කතා කළ කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි මහතා සමාජය වෙනුවෙන් ලිවිය යුතු හොඳ ප්‍රවෘත්තියක් ඇති බව පවසා සිටියා.
ජොර්ජ් කුමරුටත් සාමාන්‍ය දරුවෙක් ලෙස ජීවත්වීමට ඉඩ දෙන්න
විලියම් කුමරුගේ සහ කේම්බ්‍රිජ්හි ආර්යාව වන කේට් කුමරියගේ පුත් ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප ගන්නා පැපරාසියකුට එරෙහිව එම යුවලගේ නීතිවේදීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
තම පුත් කුමරා සාමාන්‍ය දරුවෙකු සේ ජීවත් වීමට ඉඩ සලසන ලෙසද රාජකීය යුවල ඉල්ලා ඇතැයිද එම නීතිවේදීහු පවසා සිටිති.
එම නීතිවේදීන් පවසා ඇත්තේ, කුමරුන්ගේ ඡායාරූප ගැනීම නතර නොකළහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.
දියණියන්ට අතවර කරලා - බිරියගේ නිරුවතත් පටිගත කර අලෙවි කරලා
පෙර විවාහයේ දියණියන් දෙදෙනා ඇතුළු දියණියන් තිදෙනාට ලිංගික අතවර කිරීම ගැනත්, තර්ජනය කොට බියවද්දා තමා ද බලහත්කාරයෙන් වෙනත් පිරිමින්ට අලෙවි කිරීම ගැනත් එම කටයුතු සී.ඩී.පටවලට ඇතුළත් කොට අලෙවි කිරීම ගැනත් තම සැමියාට එරෙහිව කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියත්” පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයත් චූදිතයා ආරක්ෂා කිරීමට ක්‍රියා කරන බව පවසමින් බිරියක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙරට කිරි පිටි ගෙන්වීම ගිය වසරට සාපේක්ෂිතව මේ වසරේ ටොන් 78,000කින් පමණ අඩුවී ඇතැයි වාර්තා වේ.
ප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ bond 24 මීළඟ චිත්‍රපටය 2015 ඔක්තෝබර් 23 වැනිදා එංගලන්තයේ දී එළිදැක්වීමට නියමිත බව වාර්තාවේ.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 5 දින ඇමරිකානු සංචාරය සඳහා සූදානම් කර තිබූ අමතර ගුවන් යානයෙන් අත්බෝම්බයක් හමුවී ඇත.
ඉන්දියාවේ අම්බර් ප්‍රදේශයෙහි චින්නපල්ලිකුප්පම් සරණාගත කඳවුරේ දී ශ්‍රී ලාංකික දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පාසල් ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
18 හැවිරිදි අදාළ පාසල් සිසුවා එම සරණාගත කඳවුරේම පදිංචි අයෙකු වන බව ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය වාර්තා කරයි.
