එජාපය, 'බොදු බල' යෝජනා සලකා බැලීමට යයි ! Featured

Published in පුවත්
Sunday, 05 October 2014 08:28

බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ, බොදු බල සේනා ඉදිරිපත් කරන කරුණු පළමුවෙන් සලකා බැලිය යුතුව ඇති බවයි.

‘අපි උත්සාහ කරන්නේ හැම දෙනාම එකට එකතු කර ගත් දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට. ඊළඟ මැතිවරණය මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් විය හැකියි. එය කුමක් වුනත් සියලු බලවේග එකම වේදිකාවකට ගෙනැවිත් රට වෙනුවෙන් එක පදනමක් ඇති කර ගත යුතුව තිබෙනවා’ මහ ලේකම්වරයා පවසයි.

එවැනි තත්වයක් යටතේ බොදු බල සේනා අදහස් කෙරෙහි ඉතා දැඩි අවධානය යොමු කොට ප්‍රතිචාරය පළ කරන බව ඔහු කියා සිටියේ ය.


‘කෙටි න්‍යාය පත්‍රයක්’


විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇතුළු වෙනත් පොදු කාරනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ‘ කෙටි න්‍යාය පත්‍රයක්’ යෝජනා කර ඇතැයි සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, වැඩි දුරටත් ප්‍රකාශ කළේ බොදු බල සේනා සංවිධානය ඇතුළු වෙනත් සංවිධානවල අදහස් ද සැලකිල්ලට ගනිමින් පොදු න්‍යාය පත්‍රයක් කරා අවතීර්ණ විය යුතුව ඇති බවයි.


(මුලාශය- බිබිසි සංදේශය)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us