මිනිත්තු පහළොවකට වරක් අලියකු බිම

Published in පුවත්
Sunday, 05 October 2014 08:37

අලි ඇතුන් සහ ‘රයිනෝ’ දැවැන්තයන් මුහුණ දී ඇති ජීවිත අන්තරාය ඉස්මතු කරමින් ලෝකය දැනුවත් කිරීමේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ලොව පුරා දියත් කිරීමේ වැඩ පිළිවෙළක් ප්‍රකාශයට පත් කොට ඇත.

දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට දඩයක්කාරයන් විසින් හැම මිනිත්තු පහළොවකටම එක අලියකු බිම හෙලන බව, ඉහත කී දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කරන සංවිධායකයන් පවසති.

131118134009 ivory 512x288 bbc nocredit

ඇත් දළ ජාවාරම

එම අපරාධය දිගටම කර ගෙන ගියොත් ඉදිරි වසර විස්ස ඇතුළත අලි ඇතුන් සහ ‘රයිනෝ’ ජීවීන් මිහිතලයෙන් වඳ වී යන අනතුරක් පවතින බව, ඔවුන් පෙන්වා දෙති.

අලි ඇතුන් දළ ලබා ගැනීමට ද, රයිනෝ ජීවීන් එම සතුන්ගේ අඟ ලබා ගැනීමට ද මරා දමනු ලැබෙති.

130509103542 rhino animal 512x288 bbc nocredit

අඟ නිසා ජීවිතය අහිමි වෙන රයිනෝ


ඇත් දළ සහ රයිනෝ අං හැඩ වැඩ කරන කම්හල් සහ ඒවා විකුණන වෙළෙඳ සැල් වහාම වසා දමන ලෙස, ඉහත කී උද්ඝෝෂණ ව්‍යාපාරයේ සංවිධායකයන් ඉල්ලා සිටියි.

එම අපරාධ වලට එරෙහි නීතිය දැඩි කරන මෙන් ඉල්ලා සිටින ඉහත කී සංවිධායකයෝ අලි ඇතුන් සහ ‘රයිනෝ’ වැනි දුර්ලභ ගණයේ දැවැන්තයන් වඳ කරන අපරාධකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පනවන ලෙස ඉල්ලීමක් ද කරති.

‘රයිනෝ’ ජීවීන් මරා හා නොමරා එම සතුන්ගේ අඟ කපා ගැනීමට එක හේතුවක් වී තිබෙන්නේ එහි වාජීකරණ බලයක් ඇති බවට මතයක් පැතිර යාමත් සමඟයි.

(බිබිසි)

Last modified on Sunday, 05 October 2014 08:42

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us