බෙල්ලන මහනාහිමියෝ අපවත් වෙති

Published in පුවත්
Sunday, 05 October 2014 08:42

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බෙල්ලන ශ‍්‍රී ඥානවිමල මහනාහිමියන් ඊයේ පස්වරුවේ අපවත්වුණි.උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉමහත් සේවාවක් ඉටු කළ හිමි නමකි.

කෙටි කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ අපවත් වන විට 99 වැනි වියේ පසුවිය. අපවත් වන විට උන්වහන්සේ වැඩ සිටියේ කොල්ලූපිටිය වාළුකාරාම විහාරස්ථානයේය.

බෙල්ලන ශ‍්‍රී ඥානවිමල මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකරන ආකාරය පිළිබඳ අද දිනයේ තීරණය කරන බව කෝට්ටේ කල්‍යානි සාමග‍්‍රී ධර්ම මහා සංඝ සභාව සඳහන් කරයි.

අනගාරික ධර්මපාලතුමන් ගෙන ගිය වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සඳහා උන්වහන්සේ 1940 දශකයේ ඉන්දියාවේ ධර්මදූත සේවාවේ නිරත වුණි.

50 දශකයේ සිට 80 දශකය පමණ වනතුරු බෙල්ලන ශ‍්‍රී ධර්මපාල පිරිවනේ පරිවනාධිපති ධූරය උසුලමින් උන්වහන්සේ සුපේෂල ශික්‍ෂාකාමී භීක්‍ෂුන් වහන්සේලා දහස් ගණනක් ශාසනයට දායාද කළහ.

එම කාලවකවානුවේ දී සිය ධනය වැය කරමින් නාගොඩ ශ‍්‍රී සෝභිත සංඝාරාම විහාරස්ථානය ඉදිකිරීම ද උන්වහන්සේගේ ශාසනික සේවාවේ සුවිශේෂි කටයුත්තකි.

ඥානවිමල මහනාහිමියන් ලන්ඩනයේ, තේම්ස් භාවනා මධ්‍යස්ථානය මුල් කර ගනිමින් කලක් ධර්මදූත සේවාවේ නිරත වුණා. ඥානවිමල මහනාහිමියන් ජ්‍යෝතිශය පිළිබඳව ද දැනුම් සම්භාරයකින් හෙබි විශාරදයෙකු ලෙස ප‍්‍රකටය.

පාලී, සංස්කෘත, ඉංග‍්‍රීසි ඇතුළු භාෂා කිහිපයක් පිළිබඳ හසල දැනුමකින් හෙබි උන්වහන්සේ ධර්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රැසක් ද රචනා කර ඇත. ජීවන රටාව සහ සසර පැවැත්වම, පෙනෙන ලොව තුල නොපෙනන ලොවක් යන ග‍්‍රන්ථ ද්විත්වය ඒ අතරින් බොහෝ දෙනාගේ කථා බහට ලක්වුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us