ජවිපෙ, ජනාධිපතිවරණය වර්ජනයට සැරසේ ! Featured

Published in පුවත්
Saturday, 04 October 2014 20:17

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තම පක්‍ෂය පොදු අපේක්‍ෂකයකුට සහාය දීම හෝ පක්‍ෂයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීම සිදු නොවනු ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව කී එම ප්‍රකාශකයා රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට තරග කළොත් එය නීතිවිරෝධී ජනාධිපතිවරණයක්‌ වනු ඇතැයි ද කීය.

එසේ වුවොත් ජනාධිපතිවරණයට තරග නොකර එහි නීත්‍යනුකූල නොවන තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගැස්‌වීමට ජනතා විමුක්‌ති පෙරමුණට සිදුවනු ඇතැයි ද හෙතෙම කීවේය.

ජනාධිපතිවරණයක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණේ කිසිදු විරෝධයක්‌ නැතැයි ද, එහෙත් නීති විරෝධී ජනාධිපතිවරණයක්‌ සඳහා තම පක්‍ෂය එකඟ නොවන බව ද කී ඉහත ප්‍රකාශකයා රටේ මූලික නීතියට පටහැනිව පවත්වන ජනාධිපතිවරණයකට තරග කිරීම ගැටලු සහගත තත්ත්වයක්‌ වනු ඇතැයි ද කීය.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයකු ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නාමයෝජනා භාරදීමෙන් පසු මැතිවරණ කොමසාරිස්‌වරයා එම නාමයෝජනාව භාරගැනීමත් සමඟ එම ජනාධිපතිවරණය නීති විරෝධී එකක්‌ බවට පත්වන බව ද ඉහත ප්‍රකාශකයා කීවේය.

රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට එරෙහිව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් රට පුරා ජනතාව දැනුවත් කිරීම සඳහා උද්ඝෝෂණ, සම්මන්ත්‍රණ සහ පෝස්‌ටර් ව්‍යාපාරයක්‌ අරඹන බව ද එම ප්‍රකාශකයා කීවේය.

ඒ අනුව "නීති විරෝධී ජනපතිවරණ එපා, මහින්දට තුන්වරක්‌ බෑ" යන තේමාව ඔස්‌සේ ප්‍රථම සම්මන්ත්‍රණය මෙම 15 වැනිදා මහනුවරදීත්, 17 වැනිදා කොළඹදීත් පැවැත්වීමට තීරණය කර ඇතැයි ද කී හෙතෙම ඉන්පසු රට පුරා දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් මෙම සම්මන්ත්‍රණ මාලාව පවත්වන බව ද කීය.

ඒ මගින් නීති විරෝධී ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගැස්‌වීමට ජනතා විමුක්‌ති පෙරමුණ නායකත්වය ලබාදෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

(මුලාශය- දිවයින)

jvpposter01

jvpposter02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us