subash
උතුරු නැගෙනහිර යුද ගැටුම් පැවති සමයේ අතුරුදන්වුන් ගැන සොයන කොමිසමට යුද හමුදාවෙන් පැමිණි පන්දහසක් පමණ ලැබී ඇත.
ජනතාවගේ දෛනික ජීවිතයට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු පරිභෝජන වියදම් වැඩිවීම ඉතා අවම මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළද පැවැත්වීමට සූදානම් වන ජනාධිපතිවරණයේ පූර්ව ක්‍රියාකාරකම් තුළින් මහ බැංකුවේ එම ප්‍රකාශ අසත්‍ය බව හෙළිවන්නේ යැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
සජින් - නෝනිස් ගැටුමට හේතු වූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ක්ෂේනුකා සෙනෙවිරත්න මහත්මියගෙන් සමාව ගන්නයැයි මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිම් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතාට පවසා ඇතැයි වාර්තා වේ.
විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරන බවට ජනාධිපතිවරයා 2005දීත් 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මේත් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වී ඇතැයි කියමින් විශ්‍රාමිකයින් 500ක් පමණ අද පෙරවරුවේ ගාල්ල බස්නැවතුම ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටියේය.
සිද්ධාර්ත් ආනන්ද් අධ්‍යක්ෂනය කරන "බෑන්ග් බෑන්ග්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් දායකවන කත‍්‍රිනා කයිෆ් එය ඉතා අපහසු චිත‍්‍රපටයක් වූ බව මාධ්‍ය හමුවේ පවසා ඇත.
මෙරට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 16.8කින් ඉහළ ගොස් තිබේ.
තලවතුගොඩ වැලිපාර ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඊයේ රාති‍්‍ර පිපිරීමක් සිදු වු අතර, පොලීසිය පැවසුවේ මෙලෙස පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් නොවන බව මූලික විමර්ශනවලින් තහවුරු වූ බවයි.




























