විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Published in පුවත්
Monday, 06 October 2014 10:29

මෙරට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 16.8කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී විදේශීය සංචාරකයන් 90,339දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර ඊට සාපේක්ෂව මේ වසරේ එම මාසයේ දී විදේශීය සංචාරකයන් 105,535දෙනෙකු පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වනවිට විදේශීය සංචාරකයන් 1,107,178දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය එය පසුගිය 2013වසරේ මුල් මාස 8දී ශ්‍රී ලංකාවට පැමිණි විදේශී සංචාරකයන් 904,197ට සාපෙක්ෂව සියයට 22.4ක වර්ධනයක් බව පෙන්වා දෙයි.

එළඹෙන 2016 වන විට ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීම රජයේ අරමුණ වී තිබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සහ මඟ පෙන්වීම දැනටමත් සිදුකරගෙන යන බවද අවශ්‍ය ඉලක්කය කරා ළඟාවීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විශ්වාසය පළකරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us