විශ්‍රාමිකයෝ රජයට අනතුරු අගවති

Published in පුවත්
Monday, 06 October 2014 14:12

විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරන බවට ජනාධිපතිවරයා 2005දීත් 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මේත් දුන් පොරොන්දු වචනවලට පමණක් සීමා වී ඇතැයි කියමින් විශ්‍රාමිකයින් 500ක් පමණ අද පෙරවරුවේ ගාල්ල බස්නැවතුම ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටියේය. 

විශ‍්‍රාමික වැටුප් විෂමතාවය ඉවත් කරගැනිම, ආණ්ඩුව කප්පාදු කොට දමා ඇති ජීවන වියදම නැවත ලබා ගැනිම, ස්ථිර වීශ‍්‍රාම වැටුප් ප‍්‍රතිපත්තියක් විශ‍්‍රාමිකයන්ට ලබා දීමට පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගැනිම, ආදී  ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතාකරවන් උද්ඝෝෂණය කළේය.

ඔවුන් පවසන්නේ ඉදිරි මැතිවරණයට පෙර වැටුප් විෂමතා ඉවත් නොකරන්නේ නම් ලක්ෂ 25ක් වූ විශ‍්‍රාමිකයන්ගේ ඡන්දය සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගන්නා බවයි.
ජනපතිඳුනි මේ අහන්න

දුන් පොරොන්දු ඉටු කරන්න

විශ‍්‍රාමිකයින්ගේ වැටුපේ

විෂමතාවේ දුරු කරන්න

මහින්ද චින්තනේ දැන්

තවම නමක් තියෙනවා

ඒකට පච මල්ල කියා

කොයි කවුරුත් කියනවා යනුවෙන් සඳහන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරතවිය.

Last modified on Monday, 06 October 2014 14:17

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us