subash
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ‘වධහිංසාවෙන් නිදහස’ ඇතුළු සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත මණ්ඩලයෙන් ප්‍රශ්න කළ බව ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂිකා දීප්ති වගීෂාගේ උපන්දිනය පසුගිය දිනක දෙහිවල බර්කුඩාහි පැවැත්වුණි. එම උත්සවය සදහා කලාකරුවන් රාශියක් සහභාගී විය.
හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් මිලියන 12.5 ක් අළුතෙන් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර තිබෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දැමීමට සණස සංවර්ධන බැංකුව සූදානම් වේ.
ඌව පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ඊයේ (07 දා) සිරිකොත පක්‍ෂ කාර්යාලයේදී, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිව්රුම් දුන් අතර, එම අවස්ථාවට නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවීම කැපී පෙනෙන සිද්ධියක් විය.
එප්පාවල කණ්ඩක්කුලම කුඹුක්වැව වෙල්යායේ දී සිදුවු ඇත් පොරයකින් එක් ඇතෙකු මියගොස් ඇත.
පන්දු යවන්නන්ට එල්ල වන චෝදනා කුමන්ත්‍රණයක්' -විවියන් රිචඞ්ස්
ඉතා කෙටි කාලයක් තුළ පන්දු යවන්නන් කිහිපදෙනෙකුටම පන්දුව දමා ගසන්නේ යැයි චෝදනා එල්ල වීම සැකයට කරුණක් බව ශ‍්‍රීමත් විවියන් රිචඞ්ස් පවසයි.
බුද්ධ ශාසන නියෝජ්‍ය අමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාට ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගලවා ඉවත් කිරීමේ රාජකාරියද පැවරී ඇති බව සනතා කරමින් ත්‍රීකුණාමලය නගරයේ තිබූ එම පක්ෂයේ පෝස්ටර් ඉවත් කිරීමට සහභාගී විය.
නිල් පැහැ LED බල්බය ලොවට හඳුන්වාදුන් ජපාන හා ඇමෙරිකානු විද්‍යාඥයන් තිදෙනා 2014 භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබා තිබේ.
සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වෙන්නේ පිරිමියෙකුගෙ ජනනේද්‍රිය විතරක් නිසා ඒ හේතුවෙනුත් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බව පැවසේ. ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවා ඇත.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සෝභිත හිමියන් ද නැතිනම් රනිල් වික්‍රමසිංහ මහතා දැයි නිශ්චිතව පවසන්නේ නම් ඒ සඳහා බොදුබල සේනාව ප්‍රතිචාර දක්වන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
