ලෙබනනයට පහර දෙන බවට ඊශ‍්‍රායලයෙන් තර්ජන

Published in විදෙස්
Monday, 06 October 2014 10:37
ලෙබනනයට එරෙහිව යුද්ධයක් අරඹන බවට ඊශ‍්‍රායල හමුදාපති බෙනී ගාන්ස් විසින් තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
ඊශ‍්‍රායලයේ යෙඩියොත් අහරොනොත් දිනපතා පුවත්පත වෙත ප‍්‍රකාශයක් කරමින් හමුදාපතිවරයා පවසා ඇත්තේ ගාසා තීරයේදී සිදුකළ දේ ලෙබනනයේදී සිදුකරන ආකාරය තමන් දන්නා බවයි.  මෙය ගාසා තීරයේ දින 50ක හමුදා මෙහෙයුමෙන් පසු ගාන්ස් විසින් සිදුකළ පළමු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වීම විශේෂත්වයකි.
 
ලෙබනනයට පහරදීම වෙනුවෙන් අවශ්‍ය මිල ගෙවීමට ඊශ‍්‍රායල හමුදාව සූදානමින් සිටින බවද හමුදා ප‍්‍රධානියා පවසා ඇතැයි වාර්තා වේ.  ජුලි මසදී ඊශ‍්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරය වෙත ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර ඉන් පලස්තීන වැසියන් 2130කට වැඩි ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත්වූහ.
 
තවත් 11000ක් පමණ තුවාල ලැබූ බව පැවසේ.  සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ මියගිය පුද්ගලයන් අතර කුඩා දරුවන් 578ක් සහ කාන්තාවන් 260කට ආසන්න ප‍්‍රමාණයක් වූ බවයි.
 
හමුදා මෙහෙයුමෙන් ඊශ‍්‍රායල හමුදා සෙබළුන් 70ක් මියගිය බව ඊශ‍්‍රායල ආරංචි මාර්ග විසින් වාර්තා කර ඇති නමුදු හමාස් සංවිධානයට අනුව මියගිය ඊශ‍්‍රායල ජාතිකයින් ප‍්‍රමාණය 150ක් පමණ වේ.
 
මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඊශ‍්‍රායල හමුදාපති බෙනී ගාන්ස් පවසා ඇත්තේ මැදපෙරදිග කලාපයේ විදෙස් මැදිහත්වීම් සහිත යුද්ධයන් පිළිබඳ වැඩි අවධානයක් දැක්වීමට ඊශ‍්‍රායලයේ සතුරන්ට සිදුව ඇති බවයි.
 
මෙමගින් ඊශ‍්‍රායලයේ ජාතික ආරක්‍ෂාවට යහපත් තත්වයක් උදාවී ඇති බව ඔහුගේ අදහස වී තිබේ.
 
(සීනිවුස්)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us