'එජාපයත් ආණ්ඩුව එක්ක ඩීල් දානවා' -අනුර

Published in පුවත්
Sunday, 05 October 2014 19:39

අද විදේශ සේවයේ ඉන්නේ 'ඩීල්' කාරයන් බවත්, ඔවුන් එක්සත් ජාතික පක්ෂය සමග ද 'ඩීල්' දමන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඊයේ (04) දින කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ පැවැති 'අපේ දැක්ම' සම්මන්ත්‍රණය අමතමින් ඔහු එම කාරණය සඳහන් කළේය.


''ආණ්ඩුවේ අයගේ දරුවන් පමණක් නෙවෙයි එජාපයේ අයගේ දරුවන් පවා අද තානාපති සේවයට පත්කරලා තිඛෙනවා. රොසි සේනානායකගේ දුව සහ චන්ද්‍රානි බණ්ඩාරගේ පුතාත් අද විදේශ සේවයට පත් කරලා තිඛෙනවා. මේ අය ඩීල් දාගෙන ඉන්නේ. මේ දෙගොල්ලොම එකයි. මේ දෙගොල්ලොම බදාගෙන ඛෙදාගෙන පාලනය කරමින් ඉන්නේ. '' යයි ද දිසානායක මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.


'' අපේ රටේ ජනතාවාදී පාලනයක් ගොඩ නැගිය යුතුයි. ඒ සඳහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, අමාත්‍යංශ විද්‍යානුකූලව ඛෙදීම, අමාත්‍ය මණ්ඩලය විසිපහකට සීමා කිරීම, අධිකරණය ස්වාධීන කිරීම වැනි කාරණා ගණනාවක් සිදුකළ යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම අපේ රටේ මාධ්‍ය නිදහස තහවුරු කළ යුතුයි. මාධ්‍යවේදීන්ට නිදහසක් අවශ්‍යයි. දැන් මොකද කරලා තිඛෙන්නේ. අපේ රටේ මාධ්‍ය මුළුමනින්ම බියවද්දලා තිඛෙනවා. යටපත් කරලා තිඛෙනවා.


තානාපති සේවය දේශපාලනීකරණයට :


ඒ වගේම රටකට හොඳ විදෙස් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අද මොකද අපේ රටේ විදෙස් ප්‍රතිපත්තියට සිදුවෙලා තිඛෙන්නේ. අපේ රටේ තානාපතිවරු ඉන්නවා 49ක්. එම තානාපතිවරුන් 49න් 38ක් දේශපාලන පත්වීම්. විදේශ සේවයේ ඉන්නේ එකළොස් දෙනෙක් පමණයි. සාමාන්‍යයෙන් විදේශ සේවයේ තානාපතිවරයෙක් වෙන්න උපාධියක් තියෙන්න ඕනෑ. විදේශ සේවා විභාගය සමත් විය යුතුයි. තානාපති කාර්යාලයක දෙවැනි නිලධාරියා ලෙස වසර පහළොවක් විස්සක් පමණ සේවය කිරීමෙන් පසුවයි ඔහු හෝ ඇය තානාපතිවරයෙක් ලෙස පත්වෙන්නේ.


ඒ නිසා තානාපති සේවය සඳහා උගත්, වසර ගණනාවක පළපුරුද්දක් සහිත පුද්ගලයන් පත්විය යුතුයි. නමුත් අද මොකද වෙලා තිඛෙන්නේ. මුළු තානාපති සේවයම දේශපාලනය විසින් ගිලගෙන තිඛෙනවා.


රුසියාවේ තානාපති කවුද? මහින්ද මහත්තයාගේ පුංචිඅම්මාගේ පුතා. වියානා තානාපති කවුද? ශිරන්ති නෝනගේ අයියා. ඇමරිකාවේ තානාපති කවුද? ඛෙලිඅත්තේ මහින්ද මහත්තයගේ ඥාතියා. ඇමරිකාවේ තේ කොළ ව්‍යාපාරයක් කරගෙන ගිය කෙනෙක්. ඉතාලියේ තානාපති නාවලගේ ඛෙනට් කුරේ. ඡන්දෙන් පැරදුන කෙනෙක්. එක්සත් අරාබියේ තිනිපති හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය. කටුනායක උද්ඝෝෂණයේදී තරුණයෙක් පොලිස් වෙඩිපහරින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන ඉල්ලා අස්වූ පුද්ගලයා. මුළු තානාපති සේවයම විනාශයට ලක් කර තිඛෙනවා.

තානාපති සේවය පමණක් නොව පළමු ලේකම්, දෙවන ලේකම් යන තනතුරු සියල්ලට ඇමතිවරුන්ගේ දරුවන් පත්කොට තිඛෙනවා. ආතාවුදගේ දරුවන් මේ අතර ඉන්නවා. කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය ඉන්නේ ඇමරිකාවේ. ලක්ෂ්මන් යාපාගේ පුතා මේ ආකාරයට පත් කරලා තිඛෙනවා.

විදෙස් සේවය මෙහෙයවන සජින් :


පසුගියදා තවත් ප්‍රශ්නයක් පැනනැගුනා. අපේ රටේ විදේශ අමාත්‍යංශය පාලනය කරන්නේ ජී.එල්. පීරිස් මහත්තයා නෙවෙයි. අමාත්‍යංශය මෙහෙයවන්නේ සජින් වාස් ගුණවර්ධන. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක් නෙවෙයි. ඔහු ජනාධිපති උපදේශයකයෙක්. සාමාන්‍ය පෙළ විභාගය යන්තමින් සමත්. ඔහු විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව ආමන්ත්‍රණය කිරීමට ජනාධිපතිවරයා නිව්යෝර්ක් බලා පිටත්වන විට ඔහුත් ඒ සමග ගියා. එංගලන්තයේ මහ කොමසාරිස් කි්‍රස් නෝනිස් මහත්තයත් ආවා. ඔහුත් ව්‍යාපාරිකයෙක්. දේශපාලන පත්වීමක් ඔහුටත් තිඛෙන්නේ. මේ අය එහිදී නිවසක පාටියකට සහභාගි වුනා. ජනාධිපති උපදේශකයා විසින් ක්‍රිස් නෝනිස්ට පහර දෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකාවේ නීතිය අනුව පහරදීමක් පිළිබඳ පැමිණිල්ලක් කළ හොත් පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. සිරගත කරනවා. මේ පහර දුන් පුද්ගලයා මීට පෙරත් සිරගත වෙලා සිටි කෙනෙක්. මෙහෙම අය තමයි විදේශ සේවය මෙහෙවන්නේ.


ඊට පසු ක්‍රිස් නෝනිස් ප්‍රකාශයක් කළා මෙම පහර දීම සම්බන්ධයෙන් නිසි පියවර ගත්තේ නැත්නම් තමන් ඉල්ලා අස්වෙනවා කියලා. ජනාධිපතිවරයා විශේෂ නියෝජිතයෙක් මෙය සමථයකට පත්කරන්න පිටත් කරලා තිබුණා. මොකක්ද මේ වෙලා තිඛෙන්නේ. මේ ගුටි කන්නේ ක්‍රිස් නෝනිස් නෙවෙයි. මේ ගහන්නේ ජනාධිපති උපදේශකයා නෙවෙයි. මේ තානාපතිවරු නියෝජිතයෝ යන්නේ රට වෙනුවෙන්. මේ අය පිටරටවලට ගිහින් ගහගහන්නකොට අපේ රටට මොකද වෙන්නේ. මුළු රටක විදේශ ප්‍රතිපත්තිය, රාජතාන්ත්‍රිකභාවය මුළුමනින්ම බිඳ වට්ටලා තිඛෙනවා.


පහත් පෙළේ මිනිසුන් :


අද අපේ රටේ බලය පහත් පෙළේ මිනිසුන් කණ්ඩායමකට ලබාදී තිඛෙනවා. ඒ නිසා අද අපේ රට ජාත්‍යන්තර වශයෙන් විශාල හුදකලා භාවයකට පත්වෙලා තිඛෙනවා. විශාල අසීරුතාවයකට පත්වෙලා තිඛෙනවා. ඒ අය හිතාගෙන ඉන්නවා සල්ලිවලට ජාත්‍යන්තරය මෙහෙයවන්න පුළුවන් කියලා. ජාත්‍යන්තර මෙහෙයවන්න පුළුවන් කියලා හිතනවා කාන්තාවන් සපයලා. මේකද අද අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය. ඒ සඳහා සුදුසු අය තමයි මේ තියාගෙන ඉන්නේ. එක එක්කෙනා ඩීල් දාලා අල්ලන්න එක තමයි ඔවුන්ගේ රාජතාන්ත්‍රික සේවාව වී තිඛෙන්නේ.


අපේ රටට මින් එහා ගිය රාතාන්ත්‍රික ගණුදෙනුවක් අවශ්‍යයි. අපේ රට ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට ලක්වන විදේශ ප්‍රතිපත්තියක්, විදේශ සේවාවක් ගොඩ නගන්න ඕනෑ.''

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us