'ජවිපෙ ප්‍රධාන විපක්ෂය වනවා සිකුරුයි' - මංගල Featured

Published in පුවත්
Monday, 06 October 2014 09:23

ජනාධිපතිවරණයෙන් ජයගන්නා රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව, එජාප - ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් විය හැකි බවත්, එවැනි ආණ්ඩුවක විපක්ෂ කාර්ය භාරය පැවරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට බවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සාමාජික හා සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා පවසයි.

එවැනි එජාප -ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් යටතේ ද යම් පමණකින් හෝ වංචා දුෂණ සිදුවිය හැකියයි සැකපල කරන සමරවීර මහතා, එම තත්වය අවම කිරීම සඳහා පාර්ලිමේන්තු 'කෝප්' කමිටුවේ බලය ජවිපෙට ලබාදිය යුතු බවට ද යෝජනා කර සිටියි.

ඉරිදා 'දේශය' ජාතික පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී සමරවීර මහතා ඒ බව සඳහන් කර ඇත.

21වැනි සියවසට ගැලපෙන නායකයා :


ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායක මහතා විසි එක්වැනි සියවසට ගැලපෙන අවශ්‍යතාවයන් හදුනාගත්, නවීන පන්නයේ වාමාංශික නායකයෙක් බව ද සමරවීර මහතා පවසයි.


ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු සන්ධානයකට එක්වීමට ජවිපෙට ආරාධනා කරන්නේ ඇයි දැයි සමරවීර මහතා මෙසේ පැහැදිලි කර ඇත.


'' අපි ජවිපෙට ආරාධනා කරන්නේ ආණ්ඩු හදන්නවත්, එජාප ප්‍රතිපත්ති අනුමත කරවා, අපිට කඩේ යන්නවත් නෙමේ. අපි කියන්නේ මේ සියල්ලම කලින් රටේ තියෙන ඒකාධිපතීත්වය පැරදිය යුතුයි. පාට පක්ෂ අමතක කරල අපිට කටයුතු කරන්න වෙනවා. මමත් හිතන්නේ එජාපටයි ජවිපෙටයි එකතුවෙලා රටක් පාලනය කිරීම සුදුසු නැහැ.


නමුත් අනිත් පැත්තෙන් රටක් පාලනය කිරීමේදී ජවිපෙට විශාල කාර්යභාරයක් තියෙනවා. එයාලගෙ විනය, දූෂණයට එරෙහිව නගන හඩ වැදගත්. මොකද අපේ ආණ්ඩුවක් තිබුණත් දූෂණය සම්පූර්ණයෙන් නවතින එකක් නැහැ. අපෙත් අඩුපාඩු තියේවි. එවේලෙදි විවේචනාත්මක ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි අන්න ඒ විදිහටයි මම ජවිපෙ දෙස බලන්නෙ. මම කියන්නේ අපි කෝප් සභාවත් ජවිපෙට ලබාදිය යුතුයි.''

ජවිපෙ කාර්යය භාරය විශාලයි :

අද විවේචනාත්මක ශක්තිමත් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන්නේ ජවිපෙ කියන එකද? කියා මාධ්‍යවේදියා නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සමරවීර මහතා මෙසේ පවසා ඇත.

''නැහැ නැහැ අපි ඒ කාර්යය ඉටු කරන නිසා තමයි අද 40%ක් ජනතාව අපි ගැන විශ්වාසය තබල තියෙන්නෙ. නමුත් ජවිපෙ අපි කියන දේම වේගවත්ව නිර්මාණශීලීව කියනවා. අපි දෙගොල්ලන්ම එකම කතාව කිව්වට කවුරුවත් එයාලගෙ කතාව අහන්න කැමැතියි. ආණ්ඩු නොකළත් ජවිපෙට රට වෙනුවෙන් කළ හැකි කාර්යය භාරය විශාලයි.

මේ ඒකාධිපතීත්වය පැරදවීමට පවුල් පාලනය පැරදවීමට කොන්දේසි විරහිතව ජවිපෙ අපිත් සමග එක්විය යුතුයි.

ඉදිරියේදී ප්‍රධාන විපක්ෂයේ කාර්යභාරයත් ජවිපෙට පැවරෙන්න පුළුවන්. මොකද මීළගට එන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මම දකින්නේ එජාප ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවක් විදිහටයි. මොකද ජවිපෙ අප අතර තියෙන පරස්පරය අපියි නිදහස් පක්ෂයයි අතර නැහැ. ඉතින් නිදහස් පක්ෂයේ පිරිසක් එකතු කරගෙන ආණ්ඩුව හැදුවාම ජවිපෙ විපක්ෂයේ කාර්යභාරය කිරීම රටට හොද යහපත් තත්ත්වයක් වේවි. ''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us