එජාපය -බොදු බල සේනා සාකච්ඡා ළඟදීම!

Published in පුවත්
Sunday, 05 October 2014 19:22
බොදු බල සේනා සංවිධානය ඉදිරිපත් කර ඇති බෞද්ධ රාජ්‍යයක් සඳහා වූ යෝජනාවලිය සම්බන්ධයෙන් එම සංවිධානය හා එක්සත් ජාතික පක්ෂය අතර ළඟදීම සාකච්ජා ආරම්භවීමට නියමිතව ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙබ් අඩවිය වාර්තා කරයි.
 බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බවට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා 'බිබිසි සංදේශයට' කර තිබු ප්‍රකාශය පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී, බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා පවසා අැත්තේ , කල්ගතවී හෝ එක්සත් ජාතික පක්ෂයට යථාර්තයට ලංවීමට හැකිවීම ගැන තම සංවිධානය මැදිහත් සිතින් සතුටුවන බවය.
 
තම සංවිධානය එජාපය සමග සාකච්ජා කිරීමට සුදානම් නමුත්, එම සාකච්ජා තම සංවිධානයේ කොන්දේසිවලට යටත්ව සිදුවිය යුතු බවද විතානගේ මහතා අවධාරණය කර අැත.
 
විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇතුළු වෙනත් පොදු කාරනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ‘ කෙටි න්‍යාය පත්‍රයක්’ යෝජනා කර ඇතැයි 'බිබිසි සංදේශයට' පැවසු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, බොදු බල සේනා සංවිධානය ඇතුළු වෙනත් සංවිධානවල අදහස් ද සැලකිල්ලට ගනිමින් පොදු න්‍යාය පත්‍රයක් කරා අවතීර්ණ විය යුතුව ඇති බව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
 
(ශ්‍රී ලංකා මිරර්)

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us