SBව කොටු කරන් - සිසුන්ට ජල ප්‍රහාරයක්

Published in පුවත්
Sunday, 05 October 2014 15:23

සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගොඩනැගිල්ලක් විවෘත කිරීම සඳහා අද (05) එම විශ්වවිද්‍යාල භූමයට අතුළුවීමට උත්සාහ දැරූ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට විශ්විද්‍යාල සිසු සිසුවියන්ගේ දැඩි විරෝධය එල්වී ඇති අතර අමාත්‍යවරයා සිසුන් සමග බහින්බස්වීමට යාම හේතුවෙන් එහි උණුසුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් මේ වනවටද සත්‍යග්‍රහයක නිරතව සිටින අතර ඊට අදාළව කිසිඳු විසඳුමක් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය අසමත්ව සිටියදී හදිසියේ අද මෙලෙස කාන්තා නේවාසිකාගාරයක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත.


කෙසේ නමුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බවත් මෙහි ඉදිකිරීම් අවසන්ව නොමැති බවත් ශිෂ්‍ය ක්‍රියාකාරීහු පවසති.

මේ දිනවල පවතින වර්ෂාවත් සමග නායයාමේ අවධානමක්ද මෙම ප්‍රදේශයේ පවතින බැවින් සිසුවින් 400ක් පමණ මෙයට ඇතුළු කළවිට තත්වය බරපතල වන බවත් එම සිසුවින්ගේ ජීවිත අනතුරේ දැමීමක් බවත් ඔවූහු පවසති.

මෙම තත්වය තුළ අද පෙරවරුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ පඹහින්න ප්‍රදේශයේ මාර්ගය හරස් කරමින් සිසුන් මෙම විරෝධතාවයේ නිරත වී ඇත.

එම අවස්ථාවේ ඇමතිවරයා විරෝධතාවයේ නිරත සිසු සිසුවියන් සමග යම් වචන හුවමාරුවක නිතර වූ අතර එහිදී උණුසුම් වාතාවරණයක් ඇති වී තිබේ.

එම අවස්ථාවේ ජල ප්‍රහාරක රථ භාවිතා කරමින් සිසුන් විසුරුවා හැර අමාත්‍යවරයා විශ්වවිද්‍යාලය තුළට ගොස් ඇති අතර ශීෂ්‍ය ශීෂ්‍යාවෝ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උත්සවය වර්ජනය කරමින් කාන්තා නේවාසිකාගාරයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බළ කරමින් විරෝධතාවයේ යෙදී සිටිති.

1011274 569135836524987 4037438324866016891 n

1016561 569135856524985 6724065490833741603 n

1800221 569136459858258 3390130551412251304 n

1922094 569136366524934 1196115417451523219 n

10702221 569135649858339 8830828534345838935 n

Last modified on Sunday, 05 October 2014 16:18

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us