තවදුරටත් නේවාසිකාගාර වල රැඳීසිටියොත් ශිෂ්‍යභාවය අහෝසියි

Published in පුවත්
Monday, 06 October 2014 10:05

තවදුරටත් ශිෂ්‍යයාවන් ශිෂ්‍යයින්ගේ නේවාසිකාගාර වල රැඳී සිටීමට උත්සහ කළහොත් අදාළ සිසුවියන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන බව සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා පවසයි.

විශ්වවිද්‍යාලයේ සිසුවියන් විනය විරෝධි ක්‍රියාවක නිරත වන බව පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව ඊයේ(05) දිනයේ දි වසා දමනු ලැබුණි.

කෙසේ වෙතත් ඊයේ පස්වරු 06.00 වන විට සියලුම සිසුන්ට නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම් දුන්න ද තවදුරටත් සිසුන් නේවාසිකාගාර වල රැඳී සිටින බව වාර්තා වෙයි.

ඒ අනුව අද දිනය තුළත් නේවාසිකාගාර වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැඳී සිටියහොත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව උපකුලපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ (05 )සබරගමුව විශ්වවිද්‍යාලයේ නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකළ කාන්තා නේවාසිකාගාරයක් ඉදිරිකිරීමට පැමිණි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායකට සිසුන්ගේ විරෝධතාවයන් මැද එය විවෘත කිරීමට නොහැකි වූ බව වාර්තාවේ.

අදාළ උත්සවය සදහා එස්.බී. දිසානායක පැමිණෙ නමග හරස් කොට විරෝධතාවයක නිරත වූ සිසුන් පවසා සිටියේ මෙම නේවාසිකාගාරය විවෘත නොකරන ලෙසත් එය අවධානම් සහිත ස්ථානයක් බවත්ය.

කෙසේ නමුත් සිසුන් සදහා පොලිස් ජල ප්‍රහාරයන් දියත් කිරීමත් සමග ඇමැතිවරයා සරසවිය තුළට පිවිසියත් එහි කිසිදු උත්සවයක් සදහා සිසුන් සහභාගී නොවූ බැවින් සරසවියේ වෙනක් ගේට්ටුවකින් ඉවත්ව යාමට කටයුතු කර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us