'ඡන්දෙ නැත්නම් සිසුන්ට සලකන විදිහ දන්නවා' - එස්.බි.(වීඩියෝ)

Published in පුවත්
Monday, 06 October 2014 09:59

සබරගමු සරසවියේදී එල්ල වූ සිසු විරෝධයට සැලකිය යුතු ආකාරය දන්නා බවත් එහෙත් ඡන්දෙ නිසා එසේ නොකල බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.

සබරගමු සරසවියේ කාන්තා නේවාසිකාගාරය විවෘත කිරීමට පැමිණි අමාත්‍යවරයා පඹහින්න මංසන්ධියේදී සිසුන් විසින් වටකරගත් අතර පසුව ජල ප‍්‍රහාර එල්ල කෙරින.

සිද්ධියෙන් පසු සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමිණ.


'සරසවි නේවාසිකාගාරය ප්‍රමිතියෙන් තොරයි'

උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතා විවෘත කළ ශිෂ්‍ය කාන්තා නේවාසිකාගාරය නිසි ප්‍රමිතියකින් තොර බැවින් ශිෂ්‍යාවන්ගේ ජීවිත අවදානමක පවතින බවට සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුව චෝදනා කරයි.

‘නේවාසිකාගාරයට යන ශිෂ්‍යාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් නේවාසිකාගාරය තුළ නැහැ. එතකොට ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුව ඒ ගොඩනැගිලිවල ආරක්ෂාවට අදාළ වැඩපිළිවෙළක්වත් සකස් කරලා නැහැ’ යනුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා විවෘත කළ අටසීයකට නවාතැන් පහසුකම් ඇති නව නේවාසිකාගාරයට යෑම ප්‍රතික්ෂේප කළ ශිෂ්‍යාවෝ, ශිෂ්‍ය පිරිමි නේවාසිකාගාරයට ගොස් එහි කොටසක පදිංචි වීමෙන් අනතුරුව සබරගමුව සරසවිය දින නියමයකින් තොරව වසා දැමීමට සිදු වූ බව උපකුලපති මහාචාර්ය චන්දන පී උඩවත්ත පැවසුවේය.


පරණ බඩු

‘මට සිද්ධ වුනා විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂා කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දාන්න' යනුවෙන් ඔහු කියා සිටියේය.

අලුතින් ඉදි කළ නේවාසිකාගාරය නවීන පහසුකම් වලින් සමන්විත බව උපකුලපතිවරයා පැවසුවත් එය එසේ නොවන බව ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ කියා සිටියේය.

‘විභාග කාල සීමාව තුළ රැඳී සිටි නේවාසිකාගාර සියල්ල නිවාඩු කාලය තුළදී විශ්වවිද්‍යාල පරිපාලනය විසින් හිස් කරලා. පරණ නේවාසිකාගාරයේ තිබුණු ඇදන් සහ බඩුබාහිරාදිය සියල්ල නව නේවාසිකාගාරය තුළ සවි කරලා. එතකොට ඊයේ දිනේ ශිෂ්‍යාවන් නැවත පැමිණියාට පස්සේ පෙර නේවාසිකාගාරවලට ඇතුළු විය නොහැකි තත්වයක් තමයි ඇති වුනේ.’ යනුවෙන් ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක නේවාසිකාගාරය විවෘත කිරීම සඳහා එම ස්ථානයට පැමිණි අවස්ථාවේ සිසුහු අමාත්‍යවරයා හමු වී සාකච්ඡාක් අවශ්‍ය යැයි ඉල්ලා සිටි විට අමාත්‍යවරයා ඔවුන්ට බැන වැදී පොලිසිය ලවා ජල ප්‍රහාරයක් එල්ල කළ බවටත් සිසුහු චෝදනා කරති.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us