subash

subash

කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය ලෙස චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය අද(21) සෙත්සිරිපාය කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කලේය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතම ආධාරකරුවෙකු වන ලේක් හවුස් හි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතෲ ඇන්ටන් දිනේෂ් ප්‍රනාන්දු, (එසේත් නැතහොත් දිනේෂ් වීරවංශ), ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඔබ්සර්වර් පුවත්පත සහ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ ද ප්‍රසිද්ධියේ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි අයෙකි. එමගින් ඔහු අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ළකුණු දමා ගැනීමයි.

විශ්වවිද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින් අතටද ලබා දෙන ලෙසත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබූ විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.

මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග‍්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.

මෙම ප්‍රවෘත්තියෙහි දැක්වෙන ඡායාරූප දෙකෙහි සිටින්නේ හිටපු අගවිනිසුරු තුමියට විරුද්ධව පැවති දෝශාභියෝගය පිළිබඳ අප්‍රසාදය පලකිරීම සදහා පැවති උද්ඝෝෂණයට පහර දීම සඳහා රාජපක්ෂ රෙජිමය ගෙන ආ කුලී මැරයන් අතරින් අප විසින් මේ වනවිට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකි.

Rasika's Latest Photo shoot

Wednesday, 21 January 2015 14:36

ඡායාරූප: දීපාල් ගෝමස්
නිරූපණය : රසිකා දෙල්වල
හැඩ ගැන්වීම : රොබට් ප්‍රනාන්දු

කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළවල පවත්වාගෙන යනු ලබන තීරු බදු රහිත සියලු වෙළෙඳසැල්වල බලපත්‍ර අවලංගු කරන බව  සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
සිංහල සිනමාවේ 68වන ඡන්ම දිනය අද (21)ට යෙදී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයකු වූ නීතිඥ සමන්ත වැලිවේරිය මහතා නැවත වරක් ගුවන් විදුලි සංස්ථාවට රිංගීම සඳහා දැඩි උත්සාහය දරමින් සිටින බව හෙළිවේ.

Connet With Us